පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට මිරිස් වතුරව...
පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට මිරිස් වතුරවලින් සහ පොතකින් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් සිදුකරන ලද පැමිණීල්ලකට අදාළව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලීසිය අධිකරණය වෙත මෙම සිද්ධියට අදාළව කරුණු වාර්තා කර ඇත.
පසුගියදා පාර්ලිමේන්තුව තුළදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට සහ විජිත හේරත් මහතාට මිරිස් වතුර ප්‍රහාරයක් එල්ල විය.
COMMENTS