පරිපාලනයේ පහසුව සදහා යාපනයේ චාවාකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොටස් දෙකකට වෙන් කිරීමේ ගැසට් නිවේදනය සකස් වී ඇතැයි යාපනය දිසාපති නාගලි...
පරිපාලනයේ පහසුව සදහා යාපනයේ චාවාකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොටස් දෙකකට වෙන් කිරීමේ ගැසට් නිවේදනය සකස් වී ඇතැයි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.
චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ග්‍රාම නිලධාරී වසම් පණහක් ඇතුළත් වන අතර මේ ප්‍රදේශය ඉතා විශාල නිසා නිලධාරීන්ට රාජකාරී කිරීම අපහසු වී තිබේ.
මේ පිළිබදව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් චාවකච්චේරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය චාවකච්චේරි හා කොඩිකාමම් වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කිරීමට අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දුන් බව යාපනය දිසාපත් නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.
මේ අනුව චාවකච්චේරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා ග්‍රාම නිලධාරී වසම් 22 ක් ද,කොඩිකාමම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා ග්‍රාම නිලධාරී වසම් 28 ක්ද ඇතුළත් වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙක වෙන් වී තිබේ.
මෙසේ කොටස් දෙකකට චාවාකච්චේරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බෙදී යාම නිසා පළාතේ පරිපාලනයට එය විශාල පහසුවක් බව කී දිසාපතිවරයා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙක සදහාම අවශ්‍ය තරමට නිලධාරීන් සිටින බවද කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS