විජයකලා මහේස්වරන් හිටපු අමාත්‍යවරිය යාපනයේ වීරසිංහම් ශාලාවේදී ප්‍රභාකරන්ව අගය කරමින් කතා කළ අවස්ථාවේදී එම රැස්වීම වාර්තා කිරීමට ගොස් සිටි ...
විජයකලා මහේස්වරන් හිටපු අමාත්‍යවරිය යාපනයේ වීරසිංහම් ශාලාවේදී ප්‍රභාකරන්ව අගය කරමින් කතා කළ අවස්ථාවේදී එම රැස්වීම වාර්තා කිරීමට ගොස් සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් පොලිස් ත්‍රස්තමර්දන ඒකකය කට උත්තර ලබා ගැනීම ආරම්භ කොට තිබේ.
මෙම රැස්වීම වාර්තා කිරීම සදහා යාපනයේ මාධ්‍යවේදීන්ට අමතරව කිළිනොච්චිය හා මුලතිව් පළාත් වල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද ගොස් සිටි අතර පොලිස් ත්‍රස්ත මර්දන ඒකක 18 දා මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කොට තිබේ.
මේ රැස්වීමට ගොස් සිටි විවිධ රූපවාහිනී මාධ්‍යවල සේවය කරණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සතුව තිබූ වීඩියෝ පටද පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් ඉල්ලා ගෙන තිබේ.
පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඔවුන් මුලින් බිය වී ඇතත් එම ප්‍රශ්න කිරීම් සිදු කරණු ලබන්නේ විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය පිළිබදව සාක්කි එකතු කරගැනීමට බව පැවසීමෙන් පසුව ඔවුන්ගේ බිය තුරන් වී ගොස් තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS