උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි මස 12 වෙනිදා විවෘත කරණ ලද කිළිනොච්චියේ ආබාධිතයින් සදහා වූ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල පෙරේදා...
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි මස 12 වෙනිදා විවෘත කරණ ලද කිළිනොච්චියේ ආබාධිතයින් සදහා වූ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල පෙරේදා (18) දහවල් වන විට ස්ථාන 64 කින් පුපුරා ගොස් ඇති බවට කිළිනොච්චිය ආබාධිත සංගමය පැමිණිලි කොට තිබේ.
උතුරු පළාත් සභාව වෙත අදාල පැමිණිල්ල යොමුකිරීමෙන් පසුව මෙම ගොඩනැගිල්ල ඉදිකල කොන්ත්‍රාත්කරුගේ ඇප මුදල් හා තැන්පත් මුදල් ගෙවීමද තවත් දීමනා ගෙවීමට ඇත්නම් ඒවාද අත් හිටුවන ලෙස පළාත් සභාවේ ලේකම් කාර්යාලය කිළිනොච්චිය දිසාපති කාර්යාලය වෙත දැණුම් දී තිබේ.
මේම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා උතුරු පළාත් සභාව මගින් රුපියල් ලක්ෂ 48 ක මුදලක් ලබා දී ඇති අතර ටෙන්ඩර් පටිපාටියට අනුව ඉදිකිරීම බාරගෙන ඇත්තේද රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවකු විසිනි.
අදාල කොන්ත්‍රාත්කරුට ගෙවීම් කිරීම නතර කරණ ලෙස දැණුම් දී ඇති පළාත් සභා ලේකම් කාර්යාලාය් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර 20 වෙනිදා මෙම ගොඩනැගිල්ල පරීක්ෂා කිරීමට යාපනයේ සිට ඉදිකිරීම් බාර ඉංජිනේරුවකු ඇතුළු කණ්ඩායමක් කිළිනොච්චියට එවීමටද පියවර ගෙන තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා තමන්ගෙන් විමසීමක් නොකොට යුද හමුදාවට උතුරු පළාතේ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස උතුරේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව කිළිනොච්චියේම පැවති ඊළග උත්සවයේදීය.
(දිනසේන රතුගමගේ)
COMMENTS