දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුදල් අමාත්‍යාංශයෙන් සහන රැසක්
Homeප්‍රවෘත්ති

මුදල් අමාත්‍යාංශයෙන් සහන රැසක්

PropellerAds

දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දල පරිප්පු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. ...

බන්ධනාගාර රෝහලේ ගේට්ටුවේ ගංජා කඩයක්
ගිලන් රථ රියදුරන්ට ඉන්දීය පුහුණුවක් සුදුසුයි
අවම බලය පාවිච්චි කළ හැකියි - යාපනය සිද්ධිය ගැන පොලිස්පති කතා කරයි
මුදල් අමාත්‍යාංශයෙන් සහන රැසක්

දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දල පරිප්පු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග‍්‍රෑමයකට රු.  5 කින්ද, උදු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 25 කින්ද, අඩු කෙරේ. තිරිඟු ඇට සඳහා පැවති කිලෝග‍්‍රෑමයකට රු. 6ක් වූ තීරුබදු සහනය රු. 9 දක්වා වැඩි කෙරේ. සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදාල කෙරෙන අතර එය කිලොග‍්‍රෑමයකට රු.10 කින් අඩු කෙරේ. ඒ අනුව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල වහාම අඩු කෙරේ.

විශේෂයෙන් ප‍්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියළුම ස්ථර වල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට‍්‍රල් (ඔක්ටේන්  92) ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත‍්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත‍්‍ර සඳහා යොදා ගැනෙන 2ඔ ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද අද මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කෙරේ. ඒ සමගම  ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත‍්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප‍්‍රායෝගික මිළ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කෙරේ.

දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී, ලූණු සහ අල සඳහා සහතික මිල ක‍්‍රම වේදයක්  හඳුන්වා දේ. ඒ අනුව වාසිදායක සහතික මිලක් හරහා දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට අස්වනු නෙලන සමයේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහල නංවනු ඇත. ලොකුලූණු සහ අල   අස්වැන්න වෙළෙඳපොලට ලැබෙමින් පවතින බැවින් ඒ මත අයවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග‍්‍රෑමයකට රු. 40ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

පැවති අයහපත් කාළගුණික තත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට  තම ජිවිකා වෘත්තිය කරගෙනයාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවු අතර පසුගිය වසර 03ක කාලය තුල වාණිජ බැංකු මගින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොළී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙන අතර එම පිරිවැය රජය විසින් දරනු ඇත.

සමෘද්ධි ප‍්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු මඟින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කෙරේ.

වී වගාව සදහා දෙනු ලබන කිලෝග‍්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වා ගෙන යන අතර අනෙකුත් භෝග සදහා කිලෝග‍්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1.500 යේ සිට රුපියල් 1.000 දක්වා අඩු කෙරේ.

14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාල වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට  14%දක්වා අඩු කෙරේ.

මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාල වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියළු තැනැත්තන්ට අදාල කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14%දක්වා අඩු කෙරේ.

මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කෙරේ.

ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක‍්‍ර බදු නිසා ජනතාවට ඇතිවී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කෙරේ.

කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයින් සදහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා වැඩි කෙරේ.

දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.

සුළු හා මධ්‍යපරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට ප‍්‍රතිලාභ ලබාදීම සදහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ.

දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුදල් අමාත්‍යාංශයෙන් සහන රැසක්
මුදල් අමාත්‍යාංශයෙන් සහන රැසක්
http://am.lk/media/k2/items/cache/a7ca89b5ca0045fc73669d22b0dbdd38_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_55.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_55.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy