වැලිකඩ බන්ධනාගාර රෝහල් ගේට්ටුවේ රාජකාරි කළ බන්ධනාගාර නියාමකවරයෙකුගේ මේස ලාච්චුවක සඟවා තිබූ කේරළ ගංජා මිලිග්‍රෑම් 80ක් සමඟ සිගරට් පැකට් කිහ...
වැලිකඩ බන්ධනාගාර රෝහල් ගේට්ටුවේ රාජකාරි කළ බන්ධනාගාර නියාමකවරයෙකුගේ මේස ලාච්චුවක සඟවා තිබූ කේරළ ගංජා මිලිග්‍රෑම් 80ක් සමඟ සිගරට් පැකට් කිහිපයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින සේවය කල බන්ධනාගාර නියාමකයින් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකිරීමෙන් පසු එක් නියාමකවරයෙකුගේ වැඩ තහනමකට ලක්කොට තිබේ.
අත්අඩංගුවට ගත් ගංජා දුම්කොළ හා සිගරට් තොගය බොරැල්ල පොලීසියට භාරදී ඇත.
මෙම ගේට්ටු මුර රාජකාරියේ යෙදෙන නියාමකවරුන් දෙදෙනා බන්ධණාගාර රෝහලට මත්කුඩු සපයන බවට ලැබුණු තොරතුරක් මත බුද්ධි අංශ නිලධාරීන් මෙම වැටලීම කර තිබේ.
මොවුන් දෙදෙනා දීර්ඝ කාලයක සිට රෝහලේ ගේට්ටු මුර රාජකාරියේ යොදවා සිට ඇතැයිද පැවසේ.
වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කර අැති මෙම නියාමක නිලධාරීන් දෙදෙනාගෙන් වැඩ තහනමට ලක්වූ නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
බොරැල්ල පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
COMMENTS