දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවම බලය පාවිච්චි කළ හැකියි - යාපනය සිද්ධිය ගැන පොලිස්පති කතා කරයි
Homeප්‍රවෘත්ති

අවම බලය පාවිච්චි කළ හැකියි - යාපනය සිද්ධිය ගැන පොලිස්පති කතා කරයි

PropellerAds

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් හා අනතුරකින් ජීවිතක්ෂයට ලක්වීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් ස...

අවම බලය පාවිච්චි කළ හැකියි - යාපනය සිද්ධිය ගැන පොලිස්පති කතා කරයි

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් හා අනතුරකින් ජීවිතක්ෂයට ලක්වීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් සිදුව ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

එසේ වෙඩි තැබීමට තරම් වාතාවරණයක් තිබුණේ ද යන්න ගැටළු සහගත බවත්, එතැනදී මංකොල්ලකෑමක්, සංවිධානාත්මක ලෙස සිදුකරනු ලැබූ ප්‍රහාරයක්, ජීවිත තර්ජනයක් හෝ තිබුණු අවස්ථාවක් විය නොහැකි බව ඔහු අවධාරණය කරයි.

විශේෂයෙන්ම එම සිදුවීම වහාම වාර්තා නොකිරීම එම නිලධාරීන් විසින් සිදුකළ වරදක් බවත්, එය පැහැදිලිවම විනය කඩකිරීමක් බවත් පොලිස්පතිවරයා කියා සිටියේය.

පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ ක‍ෙළේ අද (25) 150වන පොලිස් දින සංවත්සරය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

එම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීම දක්වා ඉගැන්වීමට දෙමව්පියන් දරන වෙහෙස ගැන, ජීවිත දෙකක වටිනාකම ගැන සිතන විට ‍මෙය ඉතාම කනගාටුදායක සිදුවීමක් බවත් එම නිසාම තමා සිද්ධිය සැලවූ වහාම පියවර ගත් බවත් ඔහු වධාරණය කළේය.

ඊයේ (24) දිනයේ ‍ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා විසින් අදහස් දක්වමින් පොලීසියට නොනවත්වා ධාවනය කරන රියකට වෙඩිතැබීමට කිසිදු බලයක් නැති බව ප්‍රකාශ කළ බැවින් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී පොලිස්පතිවරයාගේ අදහස විමසා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා කියාසිටියේ එය ලේකම්වරයාගේ පුද්ගලික අදහසක් විය හැකි නමුත් පොලීසියට මෙවන් අවස්ථාවකදී අවම බලය හා අවශ්‍ය බලය ක්‍රියාවට නැංවිය හැකි බවයි.

පොලිස් ආඥා පනතේ 53වන වගන්තිය යටතේ පොලීසියට අවම බලය හා අවශ්‍ය බලය පාවිච්චි කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කරුණු දැක්වෙන බවත් මීට අමතරව අපරාධ නඩුවිධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහය ආදීයෙහි ද පොලිසිය ක්‍රියා කළ හැකි ආකාරය සම්බන්ධයෙන් දැක්වෙන බවත් එහිදී වැදගත් වන්නේ එකී බලය භාවිතා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණයවීම හෝ නොවීම පිළිබඳ කාරණය බවත් ඔහු සිහිපත් කළේය.

තමා පොලිස්පතිවරයා ලෙස යමක් ප්‍රකාශ කරනු ලබන්නේ මධ්‍යස්ථාව හා නිවරදි කරුණු බවත් ඒ තමාගේ පුද්ගලික අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීමට පරිස්සම්වන බවත් පොලිස් කොමිසමේ ලේකම්වරයා ද එසේ කළ යුතුව තිබුණු බව තමන් විශ්වාස කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කපා කොටා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කරනු ලැබීමෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ එම අවස්ථාවේදී බුද්ධි අංශ නිලධාරීන් සිටියේ නිල ඇඳුමෙන් නොවන නිසා එම ප්‍රහාරය සිදුව ඇත්තේ පොලිස් නිලධාරීන් බව නොදැන බවයි.

පැවති ගැටුමකදී වගකිව යුතු නිලධාරීන් ලෙස අහක නොබලා සිටීමට නොහැකි බැවින් ඔවුන් මැදිහත්ව ඇති බවත්,එහිදී ප්‍රහාරයට ලක්ව ඇති බවත් පෙන්වා දුන් පොලිස්පතිවරයා මෙම ප්‍රහාරයට වගකිව යුතු පිරිස්,යතුරු පැදි හා පණිවිඩ හුවමාරු කළ දුරකථන සොයාගෙන ඇති බවත්,ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවම බලය පාවිච්චි කළ හැකියි - යාපනය සිද්ධිය ගැන පොලිස්පති කතා කරයි
අවම බලය පාවිච්චි කළ හැකියි - යාපනය සිද්ධිය ගැන පොලිස්පති කතා කරයි
http://ift.tt/2eH74Pt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_415.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_415.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy