මෙරටට මෑතකදී ලබාදුන් ඉන්දීය ගිලන් රථ සේවාවේ කාර්යය මණ්ඩලයට ඉන්දියාවේ දී ලබාදුන් පාඨමාලාව ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරන්ට ...
මෙරටට මෑතකදී ලබාදුන් ඉන්දීය ගිලන් රථ සේවාවේ කාර්යය මණ්ඩලයට ඉන්දියාවේ දී ලබාදුන් පාඨමාලාව ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරන්ට ද ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ එම පුහුණුව ලබාදීම පිළිබඳව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු වෘත්තීය සමිති නායකයින් සමග පැවැත්වු සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළ බව අමාත්‍යංශය සඳහන් කරයි.
අදාළ ගිලන් රථ සේවාවට අවශ්‍යම රියදුරන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලබා ගැනීමේ යෝජනාවක් මෙහිදි ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳව අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියාසිටී.
COMMENTS