දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පාර්ලිමේන්තුවේ ඇති වූ සියලු සිද්ධීන්වලට වගකිව යුත්තේ කතානායකවරයායි" - රෝහණ ලක්ෂ්මන් පියදාස
Homeප්‍රවෘත්ති

"පාර්ලිමේන්තුවේ ඇති වූ සියලු සිද්ධීන්වලට වගකිව යුත්තේ කතානායකවරයායි" - රෝහණ ලක්ෂ්මන් පියදාස

PropellerAds

පාර්ලිමේන්තුවේ ඇති වූ සියලු  සිද්ධීන්වලට වගකිව යුත්තේ කතානායකවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ...

"සටන දිගටම - කෙලින් කතා කරනවා" - සුජීව ආණ්ඩු වෙනස ගැන කියයි
තීරණාත්මක සාකච්ඡා බිඳවැටෙයි? අගමැතිකමෙන් යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් පමණයි - රනිල් මෛත්‍රීට කියයි
පුංචි ඡන්දෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට රැස්වේ

පාර්ලිමේන්තුවේ ඇති වූ සියලු  සිද්ධීන්වලට වගකිව යුත්තේ කතානායකවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කීය.

මහනුවරදී  මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා   එසේ කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

පසුගිය දවස්වල නීති විරෝධී සම්ප්‍රදාය විරෝධී  ආචාර ධර්ම විරෝධී ලෙස පාර්ලිමේන්තුව රැස්වී සම්ප්‍රදායන් උල්ලංඝණය කරමින් අග්‍රාමාත්‍යතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ විශ්වාසභංගය ඉදිරිපත් වෙලා ඒ ක්ෂණයකින්ම ඡන්දය විමසලා එය ජයග්‍රහණය කළා කියලා ප්‍රකාශත් කළා.  මේ නීති විරෝධී සම්ප්‍රදාය විරෝධී  කලබගෑනිය හේතු කොට ගෙන පාර්ලිමෙන්තුවේ ඊළඟ දිනය කණගාටුදායක ඛේදවාචක දිනයක් වුණා. කතානායකරයාට එරෙහිව ඉදිරිපත් කළ කරුණු අවසානයේ විශාල කාලගෝට්ටියක් දක්වා ගමන් කළා. පාර්ලිිමේන්තුවේ කරන ලද මේ නාඩගම මුළු රටම පිළිකුළෙන් බලන් හිටියා. මේ තත්වය ඉතාමත් කණගාටුදායකයි. ශිෂ්ඨ සමාජය මෙය කොහෙත්ම අනුමත කරන්නේ නෑ.මේ තත්වයට මූලික වශයෙන් වගකිව යුතු වන්නේ කතානායකතුමායි.එතුමා නීති විරෝධී ලෙස මේ කාරණා ඉෂ්ඨ කරනු ලැබුවා.

පසුගිය කාලයේ ඇති වූ දේශපාලන තත්වයන් හමුවේ ජනාධිපතිතුමාගේ ජීවිතයට පවා තර්ජනයක් ඇති වන කොට එවකට හිටපු අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව ඊට දක්වපු උදාසීන ඇල්මැරුණු ප්‍රතිපත්තිය හේතු කොට ගෙන ඒ වගේම ඒ පරීක්ෂණවලදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් අයගේ නම් ඈඳීම හේතු කොට ගෙන මේ තත්වය කළමණාකරණය කරන්නේ කෙසේද කියන කාරණාව විමසා බලමින් ජනාධිපතිතුමා ඉතාමත් නිවැරැදි ඉතාමත් ව්‍යවස්ථානුකූලව හිටපු අග්‍රාමාත්‍යතුමා එතැනින් අයින් කරලා ඒ වෙනුවට එවකට රටේ රටේ වැඩි ප්‍රසාදයක් ජන බලයක් තිබුණා කියලා එතුමා තේරුම් ගත්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරය පිරිනමනු ලැබුවා. ඉන්පසුව සිදුවූ තත්වයන්  හේතු කොට ගෙන පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.ඉන් පසුව පාර්ලිමේන්තුව විසිරවනු ලැබුවා.මේ සියල්ල සිදු වුණේ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල හේතු  කොට ගෙනයි.  අගමැති ඉවත් කිරීම සහ නව අගමැතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ තත්වයන්වලදී සියලු දෙනා කිව්වේ මේ සඳහා අධිකරණයට යන්න කියලා නමුත් අධිකරණයට ගියේ නෑ ඒ වෙනුවට මහජනාතව ඉදිරියට ගෙනල්ලා යම් යම් කලබගෑනි කරන්න උත්සාහ කරනු ලැබුවා .මේ තත්වයන් හමුවේ තමයි අවසානයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට විරුද්ධව විවිධ කණ්ඩායම් විපක්ෂය වගේම සමාජ කණ්ඩායම් පෙත්සම් 11 ක් විතර  ගරු අධිකරණය  ඉදිරිපත් කරනු ලැබුවා. අධිකරණය ඉදිරියේ ඒ පෙත්සම් විභාගය ක්‍රියාත්මක වීමේදී සියලු පෙත්සම් ඒ කාලයේදී විභාග කළ නොහැකි නිසා ඒක කල්තබනු ලැබුවා ඉදිරියේ විභාග කිරීම සඳහා.මේක තීන්දුවක් නෙවෙයි. මේක නිගමනයක් නෙවෙයි .

ඒ අනුව ජනාධිපතිතුමා නිකුත් කර තිබූ නීතිය තාවකාලිකව අත් හිටවනු ලැබුවා. මෙය අත්  හිටවීමත් සමඟ පෙර නිකුත් කර තිබූ පරිදි පාර්ලිමේන්තුව රැස්වුණා.වාර අවසාන කිරීමෙන් පසුව නැවත  පාර්ලිමේන්තුව රැස්වු වහාම කළ යුතු වන්නේ උත්සවශ්‍රීයෙන පාර්ලිමේන්තුව ආරම්භ කර රාජ්‍ය නායකයා ජාතිය ඇමතීමෙන් පසුව රැස්වීම අවසන් විය යුතුයි. නමුත් මේ පාර්ලිමේන්තුවට විදේශිය තානාපතිවරුන් සහ විදේශ   නියෝජිතයින් ඇවිත් මේ අතිශයින්ම නීති විරෝධී සම්ප්‍රදාය විරෝධීව ඉදිරිපත් වුණ විශ්වාසභංග යෝජනාව සම්මත වුනා කියල කිව්වහම මේ අය නැගිටලා අත්පුඩි ගැහුවා. කා වෙනුවෙන්ද මේ සුදු මහත්වරු පෙනී හිටියේ. තානාපති භූමිකාව නැවත විමර්ශණය කළ යුතුයි කියලා මම හිතනවා.

මේක කාගේ න්‍යයාය පත්‍රයක්ද? මේ අතර සමහර මන්ත්‍රීවරුන්ට යෝජනා කරල තියෙනව මිලිය 50 ක් දෙන්නම් මිලියන  100 ක් දෙන්නම් මිලියන 150 ක් දෙන්නම් කියලා මේ සල්ලි  කොහෙන්ද? මේක විශාල සැක සංකා නිර්මාණය කරන තත්වයක්. පාර්ලිමේන්තුවේ  මේ තත්වය  සමාජයේ කතිකාවට ලක් වුණා.  බොරුවක් වංචාවක් කියන කාරණය සමාජයේ විවේචනයට ලක් වුණා. මේ නිසා මහජන උද්ඝෝෂණ දිගින් දිගටම වීදිවලට එන්න පටන ගත්තා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමාජ ක්‍රියාකාරීන් දිගින් දිගටම විවේචනය කරන්න පටන් ගත්තා. මේ සිද්ධිදාමය තුල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම තුවාල සිද්ධ වුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අතිශයින් ප්‍රචණ්ඩකාරීයි. කතානායකවරයා එක් අවස්ථාවක කියනවා පිහි නෙවෙයි කඩු කිනිසි හරි අරන් එන්න කියලා මොකද්ද මේ කියන කතාව කැලෑවේ වල්බූරු නීතියද මේ රටේ ක්‍රීයාත්මක කරන්න හදන්නේ. මේ ගමන් කරන්න ලෑස්ති වෙන්නේ මීට වසර කිපයකට පෙර මැද පෙරදිගින් හමා ගෙන ගිය ටියුනීසියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, මෙසපොටේහියානු ශිෂ්ඨාචාරය සහිත ඉරානය, ඉරාකය, ලෙබනනය, වර්තමානයේ සිරියාව, වැනි රටවල් තුල මතුව ඇති ඛේදවාචකය දක්වාද මේ ගෙන යන්න ලෑස්ති වෙන්නේ. මහජන පරමාධිපත්‍ය ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශ කර තියෙද්දී එයට  දේශපාලන පක්ෂ සම්බන්ධ  වනවා  වෙනුවට ඔවුන් කළේ මොකක්ද? ඔවුන්ගේ බලය ගිලිහී  යන කොට එය නැවත එය නිතිවලින්, සුදු මහත්වරුන්ගේ බලපෑමෙන්  විදේශීය බලපෑම්වලින් ලබා ගන්න කුමන්ත්‍රණයක් කළා. මේ තත්වය ජනතාව තේරුම් ගන්න අවශ්‍යයි.

පාර්ලිමේන්තුවේ ඇති වුන මේ තත්වයෙන් පස්සේ එජාපෙ නායකයින් කතානායකවරයා කැඳවලා ජනතාව ඉතා පැහැදිලිව කිව්වා ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව රීතින් අනුව ආචාර ධර්ම අනුව මේ කටයුතු  කරලා බහුතරය පෙන්නන්න කියලා. මොකද්ද මේ කියන්නේ  වාරවසාන කරපු පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් අනුව කාරක සභා පත් කරලා පක්ෂ නායකයින්ගේ එකඟතාවයන් මත න්‍යාය පත්‍රය සැලසුම් කරලා විශ්වාසභංගයක් ගේනවනාවන් ඒක විධිමත්ව ඉදිරිපත් කරලා කරන්න ඕන. යැයිද ඒ මහතා මෙහිදී කීය.

 (මහනුවර  මොහොමඩ් ආසික්)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පාර්ලිමේන්තුවේ ඇති වූ සියලු සිද්ධීන්වලට වගකිව යුත්තේ කතානායකවරයායි" - රෝහණ ලක්ෂ්මන් පියදාස
"පාර්ලිමේන්තුවේ ඇති වූ සියලු සිද්ධීන්වලට වගකිව යුත්තේ කතානායකවරයායි" - රෝහණ ලක්ෂ්මන් පියදාස
http://am.lk/media/k2/items/cache/72f860c3fcdf9abbd5cfa4473c16141b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_290.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_290.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy