පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා අද (18) රාත්‍රීයේ ජනාධිපත...
පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා අද (18) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති තීරණාත්මක සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයා සමඟ අද ජනාධිපති නිල නිවසෙහි පැවති විශේෂ සාකච්ඡාවකදී අගමැතිවරයා ඒ බව සඳහන් කර ඇත.
යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම එජාපයේ ස්ථාවරය බවද අගමැතිවරයා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පක්ෂයට නැතැයිද එම සාකච්ඡාවට සහභාගිවී සිටි එජාප මහලේකම් කබීර් හෂීම් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගැමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රී ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
වත්මන් දේශපාලන තත්ත්වය සහ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා කථානායක කරු ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් ද සහභාගී වී සිටින බව වාර්තා වේ.
COMMENTS