පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේ එකඟතාව පරිදි අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වේ. පළාත් පාලන මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව අද මු...
පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේ එකඟතාව පරිදි අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වේ.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව අද මුල්වරට රැස්වන අතර, එහි කටයුතු පිළිබඳ මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.
අද දිනයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සහ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා දැඩි උත්සහයක් දරනු ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ සාමාන්‍ය පරිදි අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වන අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වෙන බවයි.
COMMENTS