සටන දිගටම ක්‍රියාත්මක කරන බවත් තමන් කෙලින් කතා කරන බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ ...
සටන දිගටම ක්‍රියාත්මක කරන බවත් තමන් කෙලින් කතා කරන බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
ඒ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රැස්වූ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ආණ්ඩුව ශක්තිමත් කරනවා කියන තීන්දුවට ආවා. නොයෙකුත් කතා බහ මේ දවස් කිහිපය තුලම ඇති වුණා. ඉදිරි සංවර්ධනය සම්බන්ධයෙන් රටේ සංවර්ධනය සම්බන්ධයෙන් අපි ඉදිරියට තැබූ පය දිගටම ඉස්සරහට ගිහිල්ලා, ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ ඒකෙ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අපේ ආණ්ඩුව ඒ කාර්යභාරය සඳහා කැපවෙනවා කියන එක තමයි අපි සාකච්ජා වුණේ. ඒ වගේම පක්ෂය සම්බන්ධයෙන් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ගොඩක් සටන් කරන පුද්ගලයින් අපි පාක්ෂිකයන්ට කියන්නේ බය වෙන්න එපා. මන් දැක්කා ගොඩක් තැන්වල තියෙනවා සුජීව සේනසිංහ එහාට යනවා මෙහාට යනවා කියලා. කවදාවත් හෙල්ලෙන මනුස්සයෙක් නෙවෙයි සුජීව සේනසිංහ කියන්නේ. කෙලින් කතා කරනවා, පක්ෂය ශක්තිමත් කරනවා, ස්වර්ණමය යුගයක් එක්සත් ජාතික පක්ෂය බිහි කරනවා. නැවත 77 අපි එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්න ඒ ස්වර්ණමය යුගය ඉදිරි අනාගතයේදී අපි ලබා දෙනවා කියන පොරොන්දුව එක්සත් ජාතික පාක්ෂිකයන්ට අපි ලබා දෙනවා.”
“අපි මේ වෙනකොට සාකච්ජා සාර්ථක වෙලා ආණ්ඩුව ශක්තිමත් කරනවා කියන සාකච්ජා සම්බන්ධයෙන් තමයි කතා කෙරිලා තියෙන්නේ. අපිට ලැබුණු පණිවිඩය තමයි ආණ්ඩුව දිගටම ශක්තිමත්ව පවත්වාගෙන යනවා කියන එක. අපිට විශ්වාසයි ආණ්ඩුව ශක්තිමත් කියලා. බහුතරය තියෙන්නේ අපිට කියන එක සම්බන්ධයෙන්. වෙනසක් සිදු වෙන්නේ නැහැ. ආණ්ඩුව ශක්තිමත් කරනවා කියන්නේ අග්‍රාමාත්‍ය ධූරය එහෙම්ම රැකෙනවා කියන එකයි. අනිවාර්යයෙන්ම ශක්තිමත් ආණ්ඩුවක් නම් අපිට ඒ සම්බන්ධය අවශ්‍යයයි. සම්බන්ධය අනුව තමයි ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සාකච්ජා වලින් දැනට ලැබිලා තියෙන තොරතුරු එහෙමයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS