දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

සයිටම් සිසුන්ගේ ගැටලුව අවසන් - සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීරයි

PropellerAds

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ලියාපදිංචි කරන මෙන් ඉකුත් 2017 වසරේ දී අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්...

"ඉඳුල් කන යුගය අවසන් කරනවා" - මංගලගෙන් සහතිකයක්
වැලිකඩ රැඳවියන් යළිත් විරෝධතාවයක - රැඳවියෙක් යළි වහළය උඩට නගී
රෙජිනෝල්ඩ්ගෙන් විග්නේශ්වරන්ට අභියෝගයක්

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ලියාපදිංචි කරන මෙන් ඉකුත් 2017 වසරේ දී අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා (21) ස්ථීර කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ගොනු කළ අභියාචනා පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය පනතේ 29 (2) වගන්තිය යටතේ සයිටම් ආයතනයේ පෙත්සම්කාර වෛද්‍ය සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සඳහා හිමිකම් පවතින බවයි.

ඒ අනුව 2017.  වසරේ ජනවාරි මස 31 වනදා අභියාචනාධිකරණය දුන් නියෝගය නීත්‍යානුකූල බව සඳහන් කළ ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරයා අභියාචනාධිකරණ නියෝග ප්‍රකාරව අදාළ සිසුවිය ලියාපදිංචි කිරීම පමා කිරීම තුළින් සිදු වූ අගතිය වෙනුවෙන් ඇයට  රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන මෙන් ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කළේය.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව සීමාවාසික පුහුණුව සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා කරමින් එම වෙද විදුහලේ සිසුවියක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම පිළිබඳ විභාගයක් පැවැත් වූ අභියාචනාධිකරණය 2017 වසරේ ජනවාරි මස 31 වනදා තීන්දුවක් ලබා දෙමින් මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් අදාල සිසූවිය ලියාපදිංචි කරන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කර තිබුණි.

එම නියෝගය අහෝසි කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය නිසි ප්‍රමිතියකින් යුක්ත නොවන බැවින් එම උපාධි ලබා ගන්නා සිසුන් ලියාපදිංචි කිරීමට තමන්ට නොහැකි බවයි.

ඒ අනුව අදාළ සිසුන් ලියාපදිංචි කරන මෙන් 2017 වසරේ ජනවාරි මස 31 වනදා අභියාචනාධිකරණය මඟින් දුන් තීන්දුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෙත මෙම අභියාචනය තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් සිසුන්ගේ ගැටලුව අවසන් - සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීරයි
සයිටම් සිසුන්ගේ ගැටලුව අවසන් - සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීරයි
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_157.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_157.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy