ඇමරිකාව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා මෙතෙක් අයකළ 12%ක බදු ප්‍රතිශතය 44%ක් දක්වා ඉහළ නැංවූ පසු ලංකාවේ නිෂ්පාදන සඳහා තව දුරටත් ඇමරිකාව තුළ තරඟ...
ඇමරිකාව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා මෙතෙක් අයකළ 12%ක බදු ප්‍රතිශතය 44%ක් දක්වා ඉහළ නැංවූ පසු ලංකාවේ නිෂ්පාදන සඳහා තව දුරටත් ඇමරිකාව තුළ තරඟ කළ නොහැකි බව හිටපු නි. මහ බැංකු අධිපති ආචාර්ය ඩබ්.එ්. විජේවර්ධන පවසයි.
මේ සමග ඩොලර් මිලියන 2000ක් පමණ වන ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ ඩොලර් මිලියන 500ක් පමණ වන රබර් නිෂ්පාදන සඳහා ඇමරිකානු වෙළඳපොළ තුළ තව දුරටත් තරඟ කළ නොහැකි වනු ඇතැයි ඔහු අවධාරණය කරයි.
ආචාර්ය විජේවර්ධන පෙන්වා දෙන්නේ මිනිස් ශ්‍රමය වෙනුවට නව තාක්ෂණය යොදා ගෙන සිය රටේ දීම ඇඟළුම් නිෂ්පාදනයට ඇමරිකාව කර්මාන්ත ශාලා ආරම්භ කරනු කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙය ලංකාවේ ඇඟළුම් සහ රබර් ඇතුළු විශාල වශයෙන් ඇමරිකාවට අපනයනය කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා විශාල පහරක් වනු ඇති බවත් රජයට එම කර්මාන්ත රැකගැනීමට විශේෂ සහන දීමට සිදුවනු ඇති බවත් ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
COMMENTS