වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් අද(20) යළිත් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර වහල මත නැග කාන්තා රැඳවියන් කිහිපදෙනෙකු විරෝධ...
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් අද(20) යළිත් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර වහල මත නැග කාන්තා රැඳවියන් කිහිපදෙනෙකු විරෝධතා දක්වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
හිටපු ජේලර්වරිය මාරු කර යැවීමට එරෙහිව ඇය මෙලෙස විරෝධතාවයේ නිරත වන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මෙම සිදුවීම සහ කාන්තා රැදවියන්ගේ මුලික අයිතිවාසිකම් ඉල්ලා පසුගිය 13 වැනිදා කාන්තා රැදවියන් පිරිසක් දින දෙකක් උද්ඝෝෂණයේ නිරත වී සිටි අතර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය හා පැවැති සාකච්ඡාවකින් පසු ඔවුහු විරෝධතාව අතහැර දැමුහ.
කෙසේ වෙතත් අද එක් කාන්තාවක් මෙලෙස විරෝධතාවයෙහි නිරත බව දෙපාර්තමේන්තු ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
COMMENTS