දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රුවන්වැලි සෑය ගැන කළ ප්‍රචාර බොරු… චූඩාමාණික්‍යයට-මැණික්වලට කිසිම හානියක් නෑ... CID සහ විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරුයි
Homeප්‍රවෘත්ති

රුවන්වැලි සෑය ගැන කළ ප්‍රචාර බොරු… චූඩාමාණික්‍යයට-මැණික්වලට කිසිම හානියක් නෑ... CID සහ විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරුයි

PropellerAds

ස්වර්ණමාලී මහා සෑයේ කොත් වහන්සේගේ චූඩා මාණික්‍යය සහ මැණික් ගල් සොරකම් කළ බව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වුවද ඒවාට කිසිදු හානියක් සිදුව න...

රැකියා සඳහා විදෙස්ගත වන අයට ඉංග්‍රීසි අනිවාර්ය කරයි
ශ්‍රී ලංකාවටත් නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක්
නාමල්ට හදිසි අනතුරක්: ඡායාරූප මෙන්න (PHOTOS)
ස්වර්ණමාලී මහා සෑයේ කොත් වහන්සේගේ චූඩා මාණික්‍යය සහ මැණික් ගල් සොරකම් කළ බව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වුවද ඒවාට කිසිදු හානියක් සිදුව නැති බව ඒ පිළිබඳ සිදු කර ඇති විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.

එම කොත් වහන්සේ සහ මැණික් ගල් සොරකම් කර තිබෙන බවට අදෘශ්‍යමාන බලවේගයක් ඔස්සේ තමන් වෙත තොරතුරු දැන ගන්නට ලැබුණේ යැයි පුද්ගලයන් දෙදෙනකු මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබෙන බව පෙන්වා දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ අනුව මේ සම්බන්ධයෙන් නිශ්චිතවම අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විශේෂ විමර්ශනයක් සිදු කළ බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව මේ කොත් වහන්සේට කිසිදු හානියක් සිදුව නැති බවට විද්‍යාත්මක සනාථ වී තිබෙන බවද බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන්ගේ කොත් වහන්සේ සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ අදාළ පුද්ගලයන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇප මත මුදාහැර තිබෙන බව ද මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව ද පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

“පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළා. රුවන්මැලි සෑයේ චූඩාමාණික්‍ය සහ එහි මැණික් ගල් සම්බන්ධයෙන් වංචාවක් සිදුව තිබෙන බවට ප්‍රචාරය වුණා. එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේද මේ පිළිබඳව සම්බන්ධයක් තිබෙන බවට පළ වුණා. 2019 වසරේ මේ රුවන්මැලි මහා සෑයට සවි කර තිබෙන චූඩාමාණික්‍යයට අකුණු සැර වැදී පළුදු වෙලා තිබුණා. එය නැවත සකස් කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණා.

එය සිදු කිරීමේදී පැරැණි එක ඉවත් කර නව එකක් තැන්පත් කළා. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී යම් කිසි ආකාරයක වංචාවක් වුණා කියන කරුණු එක්තරා පුද්ගලයෙක් 2022 වසරේ යූටියුබ් නාලිකාවක මේ සම්බන්ධයෙන් රු. කෝටි 4000 ක මුදලක් වංචාවක් මේ තුළ සිදුව තිබෙන බවට පැවසුවා. ඒ ආසන්න කාලයේ දීම ඊට සමාන වැඩසටහනක් යූටියුබ් නාලිකවක සිදුකරමින් රු. කෝටි 15000 ක මුදලක් වංචාවක් සිදුකර තිබෙන බව සදහන්කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රුවන්මැලි සෑ ච්‍යෛරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා පොලිස් මූලස්ථානය වෙත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් යුටියුබ් නාලිකාවේ මේ අදාළ පුද්ගලයන් දෙදෙනාම ගෙනැවිත් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ වගේම එයට අදාළ අනෙකුත් සාක්ෂිත් වාර්තා කර ගත්තා. මේ සම්බන්ධ විමර්ශනය කර නීතිපතිවරයාගේ උපදෙස් ගත්තා.

මෙය අධ්‍යයනය කර නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ අනුජ ජයසිංහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කර තිබෙන බවට. ඒ අනුව පසුගිය 11දා අනුජ ජයසිංහ යන අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකිරීමේ දී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත්තා.

රුවන්මැලි සෑයට සවි කර තිබූ අකුණු සන්නායකය වෙනුවට නව ඇන්ටනාවක් සවිකර තිබෙන බවට ද චෝදනාවක් සිදු කර තිබෙනවා. මෙම ස්ථානයේ සවිකර තිබෙන අකුණු සන්නායකය සැබෑ ලෙසම අකුණු සන්නායකයක්ද ඇන්ටනාවක්ද නමුත් මේ සම්බන්ධයෙන් මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සිදුකළ විමර්ශන වාර්තාවේ සදහන් වෙන්නේ තිබෙන මැණික් ගල් තමයි තිබෙන්නේ ඒවායේ වෙනස් වීමක් සිදුවී නැහි කියන කාරණය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මැණික් ගල්වල පැරැණි බව සනාථ කර තිබෙනවා. ඒවාට ගැලවීමට ලක් කර හානියක් සිදුව නොමැති බවට සඳහන් කර තිබෙනවා.

චූඩා මාණික්‍යයද අකුණු සැර වැදී හෝ එවැනි කාරණයකින් හානියක් සිදුව තිබෙන බවයි පැහැදිලි කරන්නේ. පැරණි අකුණු සන්නායකයේ දෝෂයක් තිබෙන නිසා ඒ වෙනුවට තමයි නව අකුණු සන්නායකයක් තාවකාලිකව සවි කර පැරණි අකුණු සන්නායකයේ තිබෙන දුර්වලතාවය නැවත සකස් කර එය සිවි කරලා ඒ අලුත් අකුණු සන්නායකය නැවත රුවන්වැලි සෑ පරිශ්‍රයේ තිබෙනවා ආරක්ෂා සහිතව. එයත් විමර්ශන නිලධාරීන් විමර්ශනයට ලක් කර තිබෙනවා. ඒ වගේම චෛත්‍යයේ තිබෙන පැරණි චූඩාමාණික්‍යය සහිත කරඩුව දැනට රුවන්වැලි සෑ පූජා භූමියේ වෙනම ස්ථානයක වෙඩි නොවදින ආකාරයට සුරක්ෂිතව තිබෙන බවත් පරික්ෂණ වාර්තාවලින් තහවුරු කර තිබෙනවා.

මේ පුද්ගලයන් මේ කරුණු ඉදිරිපත් කිරීමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් මේ වගේ දෙයක් ප්‍රකාශ කළේ ඇයි කියන කාරණාව තමයි ඔවුන් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් කටයුතු කරන දෙදෙනෙක් ඔවුන් දෙවියන් පිළිබඳ සහ එවැනි කාරණා පිළිබඳ අදහන අය ඒ නිසා ඔවුන්ට අදෘශ්‍යමාන බලවේගයකින් තමයි ඔවුන්ට මේ පිළිබඳ දැනුම් දුන්නේ ඒ අනුව තමයි අපි මේ ප්‍රකාශය කළේ කියන කාරණය තමයි ඔවුන් කියා තිබුණේ. ඔවුන් කිසිදු පැහැදිලි සාක්ෂි මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර නැහැ.

ඒ අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව පරීක්ෂණ ඒ හැරෙන්නට ඔවුන් වෙනත් පැහැදිලි සාක්ෂියක් මේ කාරණා සඳහා ඉදිරිපත් කරේ නැහැ. ඔවුන්ට යම් කිසි ආකාරයකට අදෘශ්‍යමාන බලවේගයකින් ඔවුන්ට පෙන්නුම් කරපු කාරණා සම්බන්ධව එක් පුද්ගලයෙක් පොතකුත් ලියා තිබෙනවා ඔහු සාක්ෂි විදියට ඉදිරිපත් කළේ ඒ ලියපු පොත. විමර්ශනයේ දී සැක මතුවූ නිසා ඒ පිළිබඳව පුළුල් ලෙස විමර්ශනයක් කළේ. විද්‍යාත්මකව මේ කාරණය තහවුරු වුනා ස්වරණමාලි මහා චෛත්‍යයේ පලදවා තිබූ කොත තිබෙනවා සුරක්ෂිතව. විශ්ව පාරමී පදනම මගින් නැවත අලුතෙන් පළඳවපු කොත මැණික් ඔබ්බවපු ස්වරණමාලි සෑයේ තැන්පත් කර තිබෙනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරා. මේ නඩුව ඉදිරියේදී විභාග වීමට නියමිත කාරණයක්. දැනට තිබෙන තත්ත්වය තමයි විමර්ශන නිලධාරීන් විදියට ඉදිරිපත් කළේ. මහ ජනතාව මේ ගැන අවධානයක් යොමු කළා. රුවන්මැලි සෑය බෞද්ධයන්ගේ ඉතාම සුවිශේෂී පූජනීය ස්ථානයක්. මෙවැනි ස්ථානයක එවැනි වංචාවක් පැරැණි කොත නැහැ කිවුවාම සමාජය තුළ විවිධ මත ඇති වී සාමයට බාධා වන ප්‍රශ්න ඇතිවන්න පුළුවන්. ඉදිරියේ දී වැඩිදුර තොරතුරු ලබාගන්නත් පුළුවන් වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ලැබුණට ඒවායේ සීමාවන් පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතු වෙනවා. ඒ පිළිබඳව අවධානය යෙමුකර ප්‍රකාශයක් කළයුතු වෙනවා. ඒ අනුව අදෘෂ්‍යමාන ලෙස පැවසූ දේ අසත්‍යයක් බවට මෙයින් පැහැදිලි වී තිබෙනවා. තමා ප්‍රකාශ කරන කාරණය පිළිබඳව වගකීමක් ඇතිව කළයුතු වෙනවා. මෙවැනි කරුණකදී රජයටත් විශාල වියදමක් දරන්න වෙනවා. ඒ ප්‍රකාශය සරළ වුවත් නැතත් විශාල වියදමක් දරන්න වෙනවා. මෙය පොදු මහ ජනතාවගේ පැත්තෙන් ද විශාල ගැටලුවක් වෙනවා. මහජනතාවට සැබෑ තත්ත්වය ඉදිරිපත් කළයුතු වෙනවා. සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් කටයුතු කරන අංශ කිහිපයක් පොලීසියේ තිබෙනවා. යම්කිසි ආකාරයකට සුවිශේෂී තත්ත්වයන් යටතේ මතුවන තොරතුරු සම්බන්ධයෙන් සොයා බලනවා.”

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වැඩ බලන සභාපති, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කැලුම් විජේනායක:

“2022 වසරේ දී මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් දී තිබෙනවා. ඒ සම්බන්ධ තාක්ෂණික කාරණා වාර්තා කරන්න කියලා. මෙහි වටිනා ලෝහ තිබෙනවා. මැණික් වර්ග තිබෙනවා. මෙහි රත්රන් තහඩුවක් තිබෙනවා. රන් කිලෝ 5 ක් පමණ තිබෙනවා. චූඩා මාණික්‍ය තිබෙනවා. එහි පළිඟුවක් තිබෙනවා. මැණික් ගල් මෑතක දී ගලවා තිබෙන බවට කිසිඳු සාක්ෂියක් නැහැ.

ඒ පිළිබඳව චෝදනා එල්ල වූ ඒවා බොරු. එසේ ගැලවූ බවට කිසිඳු සාක්ෂියක් නැහැ. පැරණි මැණික් ගල් ඒ ආකාරයට තිබෙනවා. කිසිදු ගැලවු සලකුණක් නැහැ. රතු මැණික් කැට 3500ක් සහ නිල් මැණික් කැට 600ක් ඇතුළු මැණික් ගල් 4000 ට වඩා තිබෙනවා. එහි සංයුතියට හානි නොවන පරිදි විමර්ශන කර තිබෙනවා. මැණික් ගල් අලුතින් අල්ලා තිබෙනවා නම් ඒවා හඳුනා ගන්න පුළුවන්. මේ සම්බන්ධ වාර්තාවක් අධිකරණයට දී තිබෙනවා. මැණික් ගල් ගලවා අලුතින් අල්ලා තිබෙන බවට කිසිදු සාක්ෂියක් නැහැ.”

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර :

“අධිකරණයෙන් ගත් නියෝගයකට අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සිදු කළ විමර්ශනවලදී විද්‍යාත්මකව මේ සම්බන්ධයෙන් ඔප්පු වී තිබෙනවා මොවුන් දෙදෙනා කළ ප්‍රකාශ අසත්‍යයක් බවට. මහ ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්. ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගත්තා. ඒ අනුව පැහැදිලිවී තිබෙනවා ඔවුන් අනුජ ජයසිංහ සහ අනෙක් පුද්ගලයා කළ ප්‍රකාශ අසත්‍යයි කියලා. අනුජ ජයසිංහ ඇප මත නිදහස් කර තිබෙනවා. මෙවැනි අසත්‍ය, මනඃකල්පිත ප්‍රකාශ කළාම සිතා බැලිය යුතු වෙනවා. මේ පුද්ගලයා කියන්නේ ඔහුට පැමිණි බලවේගයක් අනුව ප්‍රකාශයක් කළ බවයි. කෙසේ වුවද මේ විමර්ශනය අවසන් නැහැ. ඒ විමර්ශනය ඉදිරියට යනවා.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රුවන්වැලි සෑය ගැන කළ ප්‍රචාර බොරු… චූඩාමාණික්‍යයට-මැණික්වලට කිසිම හානියක් නෑ... CID සහ විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරුයි
රුවන්වැලි සෑය ගැන කළ ප්‍රචාර බොරු… චූඩාමාණික්‍යයට-මැණික්වලට කිසිම හානියක් නෑ... CID සහ විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරුයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCkDIw2cVZuHc3_JbTNGIul-yHK-KuLq3Jfp-enmXAgbIWzFkrB9Y75i_3AaZlu5tmA_ICGKCp0aF7iVyGmHspxy80OB7Hb4BIneEp6LitbXamuQsIh7yHUHIFEjKedwZQJ07X5p6AYX_Sx9LtBIRKbzSkkavEftazMWVwX6_FQevdpQyw65qB9akM/s320/ruwanwalisaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCkDIw2cVZuHc3_JbTNGIul-yHK-KuLq3Jfp-enmXAgbIWzFkrB9Y75i_3AaZlu5tmA_ICGKCp0aF7iVyGmHspxy80OB7Hb4BIneEp6LitbXamuQsIh7yHUHIFEjKedwZQJ07X5p6AYX_Sx9LtBIRKbzSkkavEftazMWVwX6_FQevdpQyw65qB9akM/s72-c/ruwanwalisaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/cid_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/cid_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy