ජනතාව දේශපාලනඥයාගේ ඉඳුල් කන යුගය අවසන් කර අනාගතය තමන් අතට ගන්නා යුගය ආරම්භ කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එස...
ජනතාව දේශපාලනඥයාගේ ඉඳුල් කන යුගය අවසන් කර අනාගතය තමන් අතට ගන්නා යුගය ආරම්භ කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
එසේම රැකියාවක් සොයා ඇමැතිවරුන්ගේ කාර්යාල ඉදිරිපිට තරුණ තරුණියන් රැස්ව සිටි යුගය අවසන් කළ යුතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ මාතර උයන්වත්ත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්විය.
‘ඇත්තට ම දෙන්න දැන් රජයේ රස්සාවල් නෑ. 1000කට පඩි ගෙවන්න පුළුවන් රජයේ ඇතැම් කාර්යාලවල 3000ක් විතර සේවකයන් ඉන්නවා. රජයේ රස්සාවක් දෙන එකත් පවක්. මමත් ඒ පවේ කොටස්කරුවෙක්. රජයේ ආයතන අලාභ ලබන තත්ත්වයට පත් වෙන්න, ඒ ආයතන කඩා වැටෙන්න මේක හේතුවක්. ශ්‍රී ලංකාවේ රස්සාවල් ඕනෙ තරම් තියෙනවා පෞද්ගලික අංශයේ. මැද පෙරදිග ගිහින් ගන්න වැටුපට වඩා වැඩි වැටුපක් ගන්න පුළුවන් කම්කරු රැකියා මෙහෙ තියෙනවා. නමුත් අපේ අය කරන්න ලැජ්ජයි. මෙහෙ තියෙන සමාගම් දිගින් දිගට ම රැකියා අවස්ථා දෙන්න හැදුවත් භාර ගන්න පිරිස ඉදිරිපත් වෙන්නෙ නැත්තම් අපට සිද්ධ වෙනවා ඒ රස්සාවල්වලට චීනය, ඉන්දියාව සහ මියැන්මාරය වගේ රටවල්වලින් එන කම්කරුවන්ට ඉඩ දෙන්න. ඊට පස්සෙ ඔන්න රටින් කට්ටිය ගෙනාව කියල කෑ ගහන්න එපා. 35 වැඩි අයකට ත්‍රිරොද පදවන්නට හැකි විදියට ගෙනාපු නීතියට මම විරුද්ධයි. මම ඉල්ලීමක් කළා මේක 25 දක්වා අඩු කරන්න කියලත්. කෙනෙකුට රස්සාවක් කරන්න තියෙන අයිතියට අපි ඉඩ දෙන්න ඕනෙ.”
COMMENTS