පළාත් සභාව විසිරුවීමෙන් පසු කිලිනොච්චිය ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන දෙකක් ඉදි කිරීමට සැළසුම් සකස් කරමින් සිටින බවට උතුරු පළාත් ප්‍රධාන අමාත...
පළාත් සභාව විසිරුවීමෙන් පසු කිලිනොච්චිය ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන දෙකක් ඉදි කිරීමට සැළසුම් සකස් කරමින් සිටින බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පුවත්පතකට කර තිබූ ප්‍රකාශය පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එවැනි විහාරස්ථාන ඉදිකිරීම සඳහා කිසිදු සැලසුමක් ආණ්ඩුකාර කාර්යාලය විසින් ක්‍රියාත්මක නොකරන බවයි.
විගේනේෂ්වරන් මහතා පවසන පරිදි ඉදිකිරීමට යෝජිත විහාරස්ථාන දෙක කවරක්ද එය කුමන ප්‍රදේශයක ඉදිකරන්නේ ද යන්න පිළිබඳ අනාවරණය කරන ලෙස ඔහුට අභියෝග කරන බව ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද විග්නේෂ්වරන් මහතා පටු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සිදුකළ ප්‍රකාශ කිහිපයක් අසත්‍ය බව තහවුරු වූ බව ආණ්ඩුකාර කාර්යාලය පෙන්වා දෙයි.
නුදුරේදී විසිරුවීමට යෝජිත උතුරු පළාත් සභාවේ බලය අහිමි වීම හේතුවෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා මෙවැනි ප්‍රකාශ සිදු කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය.
(දිනසේන රතුගමගේ)
COMMENTS