දෙවිනුව ශ්‍රි විෂ්ණු දේවාලයේ කලණ අලියා සම්බන්ධයෙන් ඊයේ 27 දා ගන්දර පොලිසියේ වනජිවි නිළධාරින් සිදු කළ පැමිණිල්ලට අනුව අද 28 දා ගන්දර පොලිස...
දෙවිනුව ශ්‍රි විෂ්ණු දේවාලයේ කලණ අලියා සම්බන්ධයෙන් ඊයේ 27 දා ගන්දර පොලිසියේ වනජිවි නිළධාරින් සිදු කළ පැමිණිල්ලට අනුව අද 28 දා ගන්දර පොලිසිය විසින් දේවාලයේ නිලමේගේ ලේකම් ඩව්ලිව්.කොළඹගේ හා ඇත්ගොව්වා අත්අඩංගුවට ගැනීම සිදු කළ අතර ඔහුන් දෙදෙනා අද මාතර මහේත්‍රාත් හමුවට පැමිණි විමෙන් අනතුව එක් අයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප මත මුදා හරින ලෙස මාතර මහේත්‍රාත් පවිත්‍රා සංජිවණි පතිරණ නියෝග කරන ලදි.
වැඩිදුරයත් වත්තෝද්‍යාන දෙපාර්තුමෙන්තුවට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ සත්වයාගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් සොයා බලා අධිකරණයට කරුණූ වාර්තා කරන ලෙස දැනුන් දෙනා ලදි. ලබන මස 11 වැනිදාට පෙරින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මෙහි දී නියෝග කරන ලදි.
(මාතර කැලුම් බෝධීමාන)
COMMENTS