දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වාස්ට ආයුධ දැම්මෙ ශානි කිව්වොත්, අත්අඩංගුවට ගන්නෙ නෑ ! අධිකරණයේ දී එළියට ආ, මාධ්‍යයෙන් හැංගූ කතාව
Homeප්‍රවෘත්ති

වාස්ට ආයුධ දැම්මෙ ශානි කිව්වොත්, අත්අඩංගුවට ගන්නෙ නෑ ! අධිකරණයේ දී එළියට ආ, මාධ්‍යයෙන් හැංගූ කතාව

PropellerAds

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඔහු සතුව තිබූ ආයුධ තොගයක් ගෙනවිත්, කළගෙඩිහේන ප්‍රදේශයේ වත...

හිලරි ක්ලින්ටන්ට ජය පතා කන්නලව්වක් කරනවා - සිවාජිලිංගම්
ටිරාන් අලස් රිමාන්ඩ්
මහින්දගේ අලුත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ධූරය ITN මාධ්‍යවේදීයෙකුට?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඔහු සතුව තිබූ ආයුධ තොගයක් ගෙනවිත්, කළගෙඩිහේන ප්‍රදේශයේ වත්තක ඌරු කොටුවක් තුළ සඟවා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන එම වරදට හසු කිරීමට උත්සාහ කළ බවට ප්‍රකාශයක් දෙනවා නම්, තමන් අත්අඩංගුවට නොගෙන මුදාහරින බව
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනකු තමන්ට පොරොන්දු වූ බව දැනට ඇඹිලිපිටිය පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් පරීක්ෂක ආර්. එස්. එම්. මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී පවසා ඇත.

එම ප්‍රකාශය අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 127 වගන්තිය යටතේ වාර්තා කරන ලෙස පොලිස් පරීක්ෂක මෙන්ඩිස්ගේ නීතිඥ චමින්ද අතුකෝරල මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලූ විට සිය නිල මැදිරියේ දී මෙන්ඩිස්ගේ ප්‍රකාශය සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත. අදාළ ප්‍රකාශය කිරීමට නොහැකි බවට පැවසීම නිසා තමන්ව පසුගිය අගෝස්තු 03 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ද ඔහු පවසා ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ ජුලි 31 වැනිදා උදේ ය. ඒ, බොරු සාක්ෂි ගෙතීමේ චෝදනාවකට අදාළව යැයි මාධ්‍ය වාර්තා කළේ ය. කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයේ ගොනු කළ ‘බී’ වාර්තාවෙන් ඔහුට චෝදනා නඟා තිබුණේ ගිනි අවි ආඥා පනත යටතේ ය. ගිනි අවි ආඥා පනත යටතට ගැනෙන වැරදි සම්බන්ධයෙන් ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැත.

ශානි අබේසේකරට මේ චෝදනා ගොනු කරන්නේ ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනවලට මූලිකත්වය දීම නිසා ය. මොහොමඩ් ෂියාම් ඝාතනය කෙරෙන්නේ 2013 අවුරුද්දේ මැයි මාසයේ ය. ෂියාම්ගේ මස්සිනා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිතවතෙකි. ඔහු ඇතුළු පවුලේ ඥාතීහු ජනාධිපතිවරයා හමුවී ඝාතනය ගැන සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියෝ ය. ඒ අනුව එවකට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ සීඅයිඩීය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න අරලියගහ මන්දිරයට කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම විමර්ශනය භාර දිය යුතු විමර්ශකයකු ගැන සාකච්ඡා කර ඇත. එහි දී පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා එක්වරම පවසා ඇත්තේ, ශානි අබේසේකර ගැන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ වන විටත් අඟුලාන පොලිසියෙන් තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම පිළිබඳ විමර්ශන පවත්වා තිබූ ශානි පවසා ඇත්තේ, පොලිසිය තරහ කර ගැනීමට නොහැකි නිසා මෙය කළ නොහැකි බවයි. එහෙත්, ඉහළ නිලධාරීන් දෙදෙනාගේ බලකිරීම නිසා ඔහු එය භාරගෙන ඇත.

විමර්ශන කටයුතු කරද්දී නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇත. ඔහුගෙන් හා ඊට සම්බන්ධ අනෙක් පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නට ශානිට අවශ්‍ය වූ නමුත්, සිය ඉහළ පොලිස් බලය භාවිත කරමින් වාස් ගුණවර්ධන ප්‍රකාශ දීම මඟහැර ඇත. කෙසේ වෙතත්, ඔවුන්ට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීමෙන් පසු වාස් ගුණවර්ධන ප්‍රකාශයක් ලබා දීමට සීඅයිඩීයට පැමිණ ඇත. ප්‍රකාශය සටහන් කර ගන්නා අතරතුර වාස් ගුණවර්ධන, තමන්ට වඩා නිලයෙන් පහළ ශානි අබේසේකරට තර්ජනය කර ඇත. “ශානි මං මිනීමරුවෙක්. උඹට හැමදාම මාව ඇතුළෙ තියන්න බැහැ. මං එළියට ආවාම උඹලා ඔක්කොටම මොකද වෙන්නේ කියලා බලාගනිං.” මේ මරණ තර්ජනය සම්බන්ධයෙන් පැවති නඩුවෙන් වාස් ගුණවර්ධනට වසර පහක සිර දඬුවම් නියම කෙරිණි.

කෙසේ වෙතත්, අවසානයේ ව්‍යාපාරික මොහොමඩ් ෂියාම්ට විරුද්ධ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 10ක් ලබාගැනීමේ එකඟතාව මත, ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන, ඔහුගේ පුත්‍රයා වන රවිඳු ගුණවර්ධන හා තවත් පොලිස් නිලධාරීන් හතර දෙනකුට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ, නඩු පැවරිණි. සීසීටීවී දර්ශන අනුව, ෂියාම් කොළඹ දී පැහැර ගැනෙන්නේ වාස් ගුණවර්ධනට අයත් වාහනයකිනි. ෂියාම් පැහැර ගන්නා විට රවිඳු ගුණවර්ධන රියැදුරු අසුනේ සිටියේ ය. විත්තිකරුවන් වරදකරුවන් කිරීමෙන් පසු 2015දී මරණීය දණ්ඩනය නියම කෙරිණි. තීන්දුවට එරෙහිව අභියාචනය කරන ලද අතර, තවමත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වේ.

විමර්ශන කරගෙන යන අතරතුර වාස් ගුණවර්ධනගේ නිවසේ සිටි සේවකයන්ගෙන් තවත් තොරතුරක් ලැබී ඇත. එනම් වාස් ගුණවර්ධනගේ නිවසේ තිබුණු ආයුධ සමූහයක්, එතැනින් ඉවත් කොටගෙන පොලිස් වාහනයක පටවාගෙන ගොස් කළගෙඩිහේන ප්‍රදේශයේ ඌරු කොටුවක වළලා ඇති බවත්, එම ආයුධ වාස් ගුණවර්ධනගේ නිවසින් පිට කර ඇත්තේ, ඔහුගේ පොලිස් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි පොලිස් පරීක්ෂක නිරෝෂ් චමින්ද විල්ලරආරච්චි විසින් බවත් ය.

ශානි අබේසේකරගේ උපදෙස් පිට මේ පිළිබඳ විමර්ශනය කළ සීඅයිඩීයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිසට 2014 මැයි මාසයේ දී කළගෙඩිහේන ඌරු කොටුවක වළලා තිබූ දැවැන්ත ආයුධ තොගයක් හමු වී ඇත. එම ඌරු කොටුව හිමි ප්‍රියන්ත නැලිගම සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියම කර ඇති අතර, නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කළ මහේස්ත්‍රාත් නියෝගයට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන ඉල්ලීමක් ඉදිරිපත් කෙළේ ය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් සීඅයිඩීයට උපදෙස් දී ඇත්තේ, ඌරු කොටුව හිමිකරුවන් රජයේ සාක්ෂිකරුවන් කරන ලෙස ය. මේ වන තෙක් අදාළ ආයුධ තොගය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධනට එරෙහිව නඩු පවරා නැත. 2014දී විල්ලරආරච්චි හා නැලිගම සීඅයිඩීයට ප්‍රකාශ දෙමින් සඳහන් කර ඇත්තේ, ආයුධ එහි සඟවන්නට නියම කෙළේ වාස් ගුණවර්ධන බව ය. එහෙත්, 2020දී ඔවුන් දෙදෙනා නැවත ප්‍රකාශයක් සීසීඩීයට දෙමින් කියා ඇත්තේ, එහි ආයුධ දමන්නට උපදෙස් දුන්නේ ශානි අබේසේකර බවත්, එසේ දැමුවේ ශානි අබේසේකර ලබා දුන් ආයුධ තොගයක් බවත් ය.

පසුගිය අගෝස්තු 04 වැනිදා ලිපියේ මුලින් කී පොලිස් පරීක්ෂක මෙන්ඩිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, මීට අදාළ ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති බවත්, මේ සිදුවීමට අදාළ සියලු ලිඛිත සාක්ෂි එහි ඇතුළත් බවත් ය. නීතිපතිවරයාගේ සහාය මේ සඳහා ලබා ගත යුතු යැයි මහේස්ත්‍රාත්වරයා ද එහි දී පවසා තිබේ.

මුලින් කී කොළඹ අපරාධ කොට්ඨාසයේ තර්ජනය, බලපෑම් කිරීම පිළිබඳ කිසිදු ප්‍රවෘත්තියක් ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යයක් වාර්තා කළේ නැත. දිනපතා ඉංග්‍රීසි පුවත් පතක වෙබ් අඩවිය එය වාර්තා කොට විනාඩි කිහිපයකින් ගලවා දැමී ය.

ඔබ මේ කතාව දැනගත යුතු ය. පවතින නීතිය ඉදිරියේ කුමක් වුව ද, කුමක් කළ ද ඔබට ස්වාධීන තීරණයක් ගැනීම සඳහා එය වඩා වැදගත්ය.

අසංක කරුණාරත්න – ලංකා සතිඅන්ත ජාතික පුවත්පත
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වාස්ට ආයුධ දැම්මෙ ශානි කිව්වොත්, අත්අඩංගුවට ගන්නෙ නෑ ! අධිකරණයේ දී එළියට ආ, මාධ්‍යයෙන් හැංගූ කතාව
වාස්ට ආයුධ දැම්මෙ ශානි කිව්වොත්, අත්අඩංගුවට ගන්නෙ නෑ ! අධිකරණයේ දී එළියට ආ, මාධ්‍යයෙන් හැංගූ කතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaEoM22McVXhnjcpwrD5jQj4sEuhAyTl4wlOMowTmzjWGqHtyXGlm4I9DFX2k3sLLxHikMUhEpwIw1jMLJA7ogA36_9S089ZlGX915KvA9QT8h-e07qPdAe8obXcOijOfBzsnuElN-PFY/s320/shani-vaas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaEoM22McVXhnjcpwrD5jQj4sEuhAyTl4wlOMowTmzjWGqHtyXGlm4I9DFX2k3sLLxHikMUhEpwIw1jMLJA7ogA36_9S089ZlGX915KvA9QT8h-e07qPdAe8obXcOijOfBzsnuElN-PFY/s72-c/shani-vaas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_103.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_103.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy