යාපනය වැල්වෙට්ටිතුරෙයි ප්‍රාදේශීය සභාවේ පී.ශිවනේශන් මන්ත්‍රීවරයා 5 දා දේශපාලන මත ගැටුමක් හේතුවෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ගජේන්ද්‍රකුමාර්...
යාපනය වැල්වෙට්ටිතුරෙයි ප්‍රාදේශීය සභාවේ පී.ශිවනේශන් මන්ත්‍රීවරයා 5 දා දේශපාලන මත ගැටුමක් හේතුවෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) පක්ෂයෙන් වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාව සදහා තේරීපත් වු අයෙකි.
ඔහුගේ ඉල්ලා අස්වීම නිසා වූ පුරප්පාඩුවට එම පක්ෂයේම තාමෝදරපිල්ලේ සහායගම් මහතා පත් කරණ ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කොට ඇත.
ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු සියලුම දෙනා ජනතාවට බොරු කියමින් මුදල් වංචා කරමින් කරගෙන යන මේ දේශපාලන රටාවට තමන් අකැමති බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS