ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබූවන් යයි පවසමින් මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිනී කවිරත්න මහත්මිය විසින් පාර්ලි...
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබූවන් යයි පවසමින් මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිනී කවිරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ ලේඛණ රැුසක් සභාගත කරනු ලැබුවාය.
අයවැය විවාදය අවසන් දිනයේ සභාව අමතමින් මෙසේ පැවසුවාය.
‘ජේ.ආර්. – රොනල්ඩ් රේගන්’ දෙන්නා එකිනෙකාට කතා කරන්නේ ‘දෙන්නා දෙමස්සිනෝ වගේ’ සර් ජෝන් – නේරු කතා කරනවා ‘අයියයි – මල්ලියි’ වගේ සිරිමා – ඉන්දිරා ගාන්ධි දෙන්නා කතා කරලා තියෙන්නේ ‘අක්කයි – නංගියි’ වගේ. රනිලු යි – ඩේවිඩ් කැමරන් දෙන්නා කතා කරන්නේ ‘ක්ලාස්මේට් ලා වගේ’
දැන් අපේ රාජ්‍ය නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ත් ඒ වගේ යාළුවෙක් ලැබිලා තියෙනවා.
අනුරගේ යාලුවා තමයි, ක්‍රිස්ටිනා ජොර්ජිනා! IMF ලොක්කා අපේ රටේ සේනාධිනායකයා ට ගහන එක්ස් පණිවුඩ කලින් රාජ්‍ය නායකයින්ගේ ‘දෙමස්සිනෝ, අක්කා – නංගි, අයියා – මල්ලි කතා වගේ. ක්‍රිස්ටිනා යූ ආර් ද බෙස්ට්! කන්ග්‍රැජුලේෂන්ස්!
මේ අය වැය විවාදය පුරාම අපිට පේන දේ තමයි, ක්‍රිස්ටිනා තමයි හොඳටම කරලා තියෙන්නේ කියලා. ලංකාව IMF සංවිධානයේ 50 වන සාමාජිකයා! මෙයට පෙර අපි 16 වාරයක් IMF ණය අරගෙන තියෙනවා. ඒ 16 න් 6 වතාවක් ලංකාවට ගිවිසුම් ගත වූ මුදල ලැබුණේ නෑ. කොන්දේසි ඉටු කරන්න බැරුව අතහැර දැම්මා.
1965 ජේ.ආර්.ජයවර්ධන හා යූ.බී.වන්නිනායක ට ලැබුනේ ගිවිසුම් ගත මුදලින් 75% කි. 1974 ෆීලික්ස් ඩයස් බණ්ඩාරණායකට ලැබුණේ (29%) යි. ජේ.ආර්.ගේ බලවත් ආණ්ඩුවටත් 1983 ලැබුණේ ණයෙන් 50% යි. 1994 ඩී.බී. විජේතුංග/චන්ද්‍රිකා බලයට ආපු වෙළාවේ ලැබුණේ 83% කි. 2003 අප්‍රේල් රනිල් වික්‍රමසිංහ එළවලා ජවිපෙ චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩු, හදලා ලැබුණේ 14% යි.
හැබැයි, රනිල් වික්‍රමසිංහ ගේ IMF වැඩසටහන අද අනුර කුමාර දිසානායක ගේ ආණ්ඩුව යටතේ හොඳටම කරනවා. අද IMF යනු ලංකාවයි. ලංකාව යනු IMF එකයි! ක්‍රිස්ටිනා අක්කාට, අනුර මල්ලී ‘බ්‍රාවෝ’!
මේ කරන විදිහට නම්, මේ සැරේ IMF 100% නෙවෙයි, කතා කරලා තවත් ඩොලර් බිලියන 4 ක් 5 ක් දෙන මට්ටමක් තියෙන්නේ මෙහෙම වුනාම, අපේ ඇමතිතරුන්ට මොකද වෙන්නේ? මම අද කිව්වා කියලා ලියලා තියාගන්න,
විදුලිබල, මහාමාර්ග, වැවිලි, සෞඛ්‍ය, අධ්‍යාපන, ධීවර, කෘෂිකර්ම අමාත්‍යාංශවල අය වැයෙන් වෙන් කරපු ‘ප්‍රාග්ධන වියදම්’ වලින් 60% ක් මේ අවුරුද්දේ ලැබෙන්නේ නෑ. 65% ලැබුණොත් කෘෂිකර්ම ඇමතිතුමනි, අපි ජනාධිපති මාවත ‘ක්‍රිස්ටිනා ජොර්ජියාගේ පිළිරුවක් හදමු. රටක වටිනාකම සම්පත තමයි ‘මානව සම්පත’ මිනිස්සු තමයි වටිනාම දේ!
ලඟදී ඉන්දීය අග්‍රාමාත්‍යතුමා, නරේන්ද්‍ර මෝඩි මැතිතුමන් ලංකාවට පැමිණෙනවා. ඉන්දියාව සමඟ ලංකා රාජ්‍යයේ දැවැන්ත සංස්කෘතික හා ආර්ථික හා සමාජීය බැඳීමක් තියෙනවා.
අපට ඉන්දියානු මහා ආර්ථිකය හැර දා වෙනත් ගමනක් යන්න බැරි බව අනුර කුමාර දිසානායක මැතිතුමා දැන් අවබෝධ කර ගෙන සිටීම ඉතාමත් යහපත්. අද මේ සහාවේ සිටින ගරු මන්ත්‍රීතුමන්ලා 158 කට ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමේ වැදගත්කම අවබෝධවී තිබීම වැදගත්.
අදානි සමාගම සමඟ ගනුදෙනු කිරීම වැදගත් බව තේරීම හොදයි. ඉන්දියන් සාම්පූර් බලාගාරය ට මුල් ගල් තියෙනවා. ඉතාම හොඳයි. අද ඔබලාට තියෙන මේ ප්‍රඥාව, මේ දැක්ම මේ බුද්ධිය තිබුණෙු පුද්ගලයෙක් ජේ.ආර්.ජයවර්ධන කියලා මේ රටේ 1987 දී රට පාලනය කළා.
මේ ප්‍රඥාව තිබුණු එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ, පාක්ෂිකයෝ, වෘත්තීය සමිති නායකයෝ, තරුණ නායකයෝ, කාන්තා සමිති නායිකාවෝ, 1100 කට වඩා ඝාතනය වුණා. ඔවුන් කරපු එකම වරද එක්සත් ජාතික පක්ෂය නම් දැක්මක් තිබුණ පක්ෂයේ සාමාජිකයින්වීම පමණයි.
අද ඔබ ඉන්දියාව සමඟ කරන ඉතා වැදගත් ගෞරවණීය මානව සම්බන්ධතාව සහිත ගණුදෙනුව කරලා මේ රට ගොඩගන්න ඕනි කියන විශ්වාස තිබුණ පිරිසක් වීමයි. ඉන්දියාව සමඟ එකතුවෙලා මේ රටේ ආර්ථික සංවර්ධනය ඇති කළ යුතුයැයි විශ්වාස කිරීම පමණයි.
ගරු සභානායකතුමා එදා ඉතාම සංවේදී කතාවක් කරලා බටලන්ද ගැන කිව්වා. හැබැයි බටලන්දේ මරපු නම් හතරක් විතරයි කිව්වේ.
මම අද, මේ ගරු සභාවේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් මරපු පුද්ගලයින් 1300 ක නම් සභාගත කරනවා.
මම එයින් නම් 920 ක අද ත් ජීවත්වන ඒ පවුල්වල සාමාජිකයින්ගේ විස්තර, බිරිඳ, ස්වාමියා, දරුවන්ගේ නම් ගම් වයස හැම දේම සභාගත කරනවා. මේ කියන හැම කෙනාටම නමක්, ගමක් ආත්මයක් තියෙනවා. මම අද මේ සභාගත කරන නම් තියෙන අය විතරක් නෙවෙයි, මේ රටේ මියගිය 41,813 කට යුක්තිය ඉටු විය යුතුයි.
මම මේකෙන් නම් පහක් ගැන විතරක් කියන්නම්, මේ රටේ ආර්ථිකයට පමණක් නොවෙයි, සමාජීය ජීවිතයට ලොකුම හානිය කළේ ‘ළමා සොල්දාදුවෝ’ මේ රටට ළමා සොල්දාදුවෝ හදුන්නලා දුන්නේ ජවිපෙ එල්.ටී.ටී.ඊ. එක ඉගෙන ගත්තේ ජවිපෙන්
කතානායක තුමා අඬන්න එපා
‘කන්තතේ බෝනික්කා‘ වයස අවු. 13 යි. කන්තලේ අවු. 70 ක එජාප ක්‍රියාකාරිකාවක් ඝාතනය අවු. 13 ක කළේ ‘බෝනික්කා’
දෙවනියා, ගුරු සේවයේ අසහාය වෘත්තීය සමිති නායකයා කොමියුනිස්ට් පක්ෂයේ ජොර්ජ් රත්නායක මැතිතුමා ඝාතනය කළේ ත් දරුවෙක්. ළමයෙක්.
තුන්වැනි එක, ගාල්ලේ අපේ අගමැතිතුමියගේ, අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ ගාල්ල දිස්ත්‍රික්කයේ. ගැබිණි මවගේ දරුවා කපලා ස්ටූල් එක උඩින් තිබ්බා.
මේ ආණ්ඩුව බලයට පත්වෙලා දැනට මාස 5 යි. මේ මාස 5 ට ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර මගින් රුපියල් බිලියන 5,200 ක් ණය අරගෙන තියෙනවා. රු. කෝටි පන් ලක්ෂ විසි දහසකට වැඩි ණය අරගෙන තියෙනවා.
මේ රටේ ගිය අවුරුද්දේ ආදායම බිලියන 4,000 යි. මේ මාස පහට රු. බිලියන 5,200 ක් ණය අරගෙන තියෙනවා. මේ සල්ලිවලින් කරපු වැඩ 3 ක් කියන්න.
මම අභියෝග කරනවා, අය වැය පිළිතුරු කථාවේ මේ රු. බිලියන 5200 න් කරපු වැඩ 5 ක් කියන්න.
මම මැතිවරණ ව්‍යාපාරය අතර පහුගිය ඔක්තෝබර් කිව්වා ඒ දවස්වල ‘ ආණ්ඩුව පහුගිය දවස් 13ට රුපියල් කෝටි 41,900ක ණය ගත්තා කියලා. මට කරන්න තියෙන හැම අපහාසයක්ම කළා! අද, මාස පහයි, රුපියල් කෝටි පන් ලක්ෂ විසි දහසක ණය අරගෙන තියෙනවා.
වාර්තා මෙතනින්…
COMMENTS