අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (06) ආරම්භ වෙයි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2268දී වි...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (06) ආරම්භ වෙයි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2268දී විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කොට ඇති බවයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුතුන්ලක්ෂ විසිඑක්දහස් හාරසිය හැට නවදෙනකු විභාගය සඳහා පෙනී සිටියි.
විභාගය පෙරවරු 8.30ට ආරම්භ වන අතර සියලුම අයදුම්කරුවන් පෙරවරු 8.00 වන විට විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතුයි.
අයඳුම්කරුවන් ස්මාර්ට් ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මඟින් විභාග වංචා සිදුකරන්නේ ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙසට ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති අතර විභාග වංචා සිදුකරන අයඳුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සියලුම විභාග වසර පහකට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගය පවත්වන අවස්ථාවේ බාහිර පාර්ශවයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ශාලාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
විභාගය සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදෙන බව පොලීසිය පවසයි.
ඒ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථා හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඇතුව පොලිස් නිලධාරීන් 1029ක් යොමුකරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ප්‍රශ්න පත්‍ර හා උත්තර පත්‍ර ප්‍රවාහනය කරනු ලබන වාහන සඳහා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් යොදවන බවද පොලීසිය පවසයි.
දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2268ක්, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 311ක් හා ප්‍රා දේශීය එක්රැස්කිරීම් මධ්‍යස්ථාන 32ක් විභාගය සඳහා යොදා ගැනීමට නියමිතය.
COMMENTS