බගවන්තලාව, බ්‍රිඩ්වේල් වතුයාය ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගැරීමෙහි නිරතව සිටි පුද්ගලයින් 06දෙනෙකු බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ත...
බගවන්තලාව, බ්‍රිඩ්වේල් වතුයාය ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගැරීමෙහි නිරතව සිටි පුද්ගලයින් 06දෙනෙකු බගවන්තලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසින බ්‍රිඩ්වේල් ඇළ අසළ ගව ගාලක නඩත්තු කටයුත්තක් සිදුකරන මුවාවෙන් මෙම මැණික් ගැරීම සිදුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
සැකකරුවන් සමඟ මැණීක් ඉල්ලම් තොගයක් සහ මැණික් ගැරීමට භාවිතා කළ උපකරණ තොගයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් අද (13) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
COMMENTS