විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (13) රාත්‍රියේ සිට මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල...
විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (13) රාත්‍රියේ සිට මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අනුව අද රාත්‍රී 7.00 සිට හෙට පෙරවරු 7.00 දක්වා පැය 12ක කාලයක් මහනුවර අවට ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම අත්හිටුවනු ඇත.
හාරිස්පත්තුව, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ මෙන්ම පූජාපිටිය හා මහනුවර මහනගර සභා බල ප්‍රදේශයේ අස්ගිරිය ජල තටාකය මගින් ජලය බෙදා හැරෙන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම නතර වනු ඇති බව ජලාප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටී.
COMMENTS