ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා තර්ජනය කර සමාව ගැනීමට බල කර හෝ දණ ගස්සවා නොමැ...
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා තර්ජනය කර සමාව ගැනීමට බල කර හෝ දණ ගස්සවා නොමැති බව ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් පැවැත්වූ විමර්ශන වාර්තාවේ සඳහන්වේ.
මෙම විමර්ශන වාර්තාව සකස් කරද්දී එක්වරම තීරණයකට එළඹීමට අපහසු වූ බවත්, ඊට හේතුව පුද්ගලයන් ලබා දුන් ප්‍රකාශවල ඇති පරස්පරතාව බවත් එම වාර්තාවේ දැක්වේ. විදුහල්පතිනි ආර් භවානි මහත්මිය ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට කැඳවූයේ කවරුන්ද යන්න ගැන විමර්ශනයේ දී පරස්පර ප්‍රකාශ ලැබුණු බව ද, ඇය ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට යන්නේ ඇගේ වුවමනාවකට නොව අමාත්‍යවරයාගේ දැනුම් දීමක් අනුව පළාත් ලේකම්වරිය විසින් කරනු ලැබූ කැඳවීම අනුව යැයි තීරණය කරන බව ද විමර්ශන වාර්තාවේ සඳහන්වේ.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර් භවානි මහත්මිය දණගැස්වීයැයි කියන සිද්ධිය ගැන විමර්ශනයක් පැවැත්වීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා 2018 පෙබරවාරි 14 වැනි දා ඩබ්ලිව් ගමගේ වික්‍රමසිංහ නම් විමර්ශන නිලධාරියකු පත් කළ අතර ඔහුට පහසුකම් සැපයීමේ නිලධාරිනිය ලෙස ඌව පළාත් නියෝජ්‍ය ලේකම් (පාලන) ආර් එම් එස් ඩී රත්නායක මහත්මියගේ පත් කර තිබිණි.
විමර්ශන නිලධාරී ඩබ්ලිව් ගමගේ වික්‍රමසිංහ මහතා විසින් සකස් කරන ලදුව ආණ්ඩුකාරවරයාට බාර දුන් විමර්ශන වාර්තාව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ යොමු කළ තොරතුරු ඉල්ලුම්පත්‍රයක් අනුව ආණ්ඩුකාර කාර්යාලයෙන් ලබා ගැනීමට හැකි විය.
COMMENTS