මෙම සංකල්පීය ලක්ෂණ පෙරදැරීව ආරම්භ වූ සත්ව උද්‍යාන පසුකාලීනව එ්වා පවත්වාගන යන පුද්ගලික සමාගම්වල හෝ රාජ්‍ය අයතනවල ලාභය උදෙසා භාවිතවීමට ප...
මෙම සංකල්පීය ලක්ෂණ පෙරදැරීව ආරම්භ වූ සත්ව උද්‍යාන පසුකාලීනව එ්වා පවත්වාගන යන පුද්ගලික සමාගම්වල හෝ රාජ්‍ය අයතනවල ලාභය උදෙසා භාවිතවීමට පටන් ගත් අතර බටහිර රටවල පවත්වාගන ගිය සත්ව උද්‍යාන ගණනාවක් වසා දැමුනේ සත්ව හිංසනය පිළිබඳ එල්ල වූ චෝදනා හා විරෝධයන් සමගිනි.
එම නිසාම ලොව පුරා සත්ව උද්‍යානයන්හි සත්ව හිංසනය අවම කිරිම මෙන්ම විශාල භූමි තුල සතුන් රඳවමින් ඔවුන්ට අවශ්‍ය වාසභූමි (Habitats) සකස් කිරීමද බොහෝ සත්ව උද්‍යාන විසින් සිදුකර ඇති අතර මිනිසුන් කූඩුවක් තුලින් ගොස් සතුන් නැරඹීමේ කලාව ආරම්භ විය.
ලොව පුරා තිබූ සතුන් හිංසනයට ලක්කරන සත්ව උද්‍යානවලට එරෙහිව හඬනැගූ සත්වවේදීන් හා අවිහිංසාවාදීන් නිසා සත්ව උද්‍යාන තුළ සතුන් හිංසනයට ලක් කරමින් මුදල් උපයන ක‍්‍රමය නිසාම ජනතාව එවන් සත්ව උද්‍යානයන් මේ වනවිට ප‍්‍රතිකිෂේප කරමින් සිටී.
උදාහරණයක් ලෙස ඉතාලියේ ටොරීනෝහි ඇති සත්ව උද්‍යානයට දැන් දැඩි මහජන විරෝධයක් එල්ල වී ඇත. ඒ සතුනට සියලු පහසුකම් ලබාදී තිබුනද සතුන් සිරකරමින් ඔහුන්ගෙන් ආදයම් ඉපයීම ම්ලෙච්ඡ ක‍්‍රියාවක් ලෙස දකින නිසාත් සත්වවේදියෙකුට හෝ පරිසරවේදියෙකුට එය අනුමත කල නොහැකි නිසාත්ය.
ලොව පුරා මෙවන් තත්වයක් තිබියදී පසුගිය සතිය වන විට දෙහිවල ජාතික සත්ව උද්‍යානය පැය 13 මහජනතාවට විවෘතව තැබීමට සත්ව උද්‍යාන භාර අමාත්‍යවරයා ජාතික සත්ව උද්‍යාන පාලන අධිකාරියට බල කර ඇති අතර මේ වනවිට දිවා කාලයට අමතරව රාත‍්‍රී කාලයේ පැය 03 ක් දෙහිවල ජාතික සත්ව උද්‍යානය මහජන තාවට විවෘත කර ඇත.
සත්ව උද්‍යානයේ සතුන් සිටින්නේ අවම පහසුකම් යටතේය. ඇතැම් සතුන්ගේ වාසභූමි පවා ස්වභාවික අයුරින් නිර්මාණය කිරීමට එහි ඉඩක් නැත. එමෙන්ම කුඩා ප‍්‍රදේශයකය සෑමදිනකම විශාල ජන ගඟක් ගලති. මෙය සතුන්ට මහත් පිඩාකාරී තත්වය උදා කර ඇති අතර මේ නිසාම ඇතම් සතුන් සිය පැටවුන් පවා විනාශ කරනු ලබයි.
ජාතික සත්ව උද්‍යානයේ සිටින සතුන් ඔවුන් ජනතාවට පෙන්නා ලබන ආදායමෙන් ඔවුන්ගේ කොටස ඉල්ලනනේ නැත. එම නිසා අඩුම තරමේ උන්ට හිමි පූර්ණ නිදහස නැතත් එයින් අඩක් හෝ එම සතුන්ට ලබාදිය යුතුය.
සත්ව උද්‍යානය රාත‍්‍රී කාලයේ විවෘතව තැබීමේදී සියලු සතුන් නැරඹීමට අවස්ථාව නෙලැබුනද සියලු සතුන්ට මෙයින් බාධා ඇතිවේ. අලෝකකරණයට කෙතරම් හිතකර අලෝක තත්වයක් යොදා ගත්තද එය අමාත්‍යවරයා හෝ ඔහුගේ උපදේශකයන්ට අනුව නිවැරදී වුවත් සත්ව ලෝකයට එය නිවැරදි නොවේ.
රාත‍්‍රී කාලයේ සංචරණය කරන සත්ව කාණ්ඩ පමණක් මහජනතාවට විවෘත කළද ඔවුන් දිවා කාලයේදිත් මිනිසුන් දැකීමෙන් හා විවිධ ශබ්ද නිසාත් දැඩි පිඩාවට පත්ව සිටී. එම නිසා උන්ට මෙම ක‍්‍රියාවලිය මහත් පීඩාවකි. රාත‍්‍රී කාලයේ සත්ව උද්‍යානය විවෘත කිරීම තුළ එහි ගාල් කර ඇති සියලුම සත්ව විශේෂවලට හා විශේෂයෙන් උන්ගේ චාර්යා රටාවලට මහත් බලපෑමක් එල්ල වේ. මේ තුලින් සිදුවනනේ සතුන්ගේ මානසික සෞඛ්‍යය දිනෙන් දිනම පහළ වැටීමයි.
ජාතික සත්ව උද්‍යානයේ අදායමෙන් පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට මුදල් සොයාගැනීමට නම් මෙය රාත්‍රී කාලයේ විවෘත කරනු ලබන්නේ එය සතුන්වත් නොකරන ක‍්‍රීයාවලියකි. පාර්ලිමෙන්තුවේ සතුන් පැයකට දෙකකට කුඩු කර පෙන්විය හැකිනම් මෙයට වඩා විශාල ආදායමක් ලබා ගැනීමට හැකිවෙනු ඇත.
දෙහිවල සත්ව උද්‍යානය පරිභාහිර සංරක්ෂණයෙන් හා අධ්‍යාපනය ලබාදීමට වඩා වැඩියෙේ කරන්නේ සතුන් ප්‍රදර්ශනය කර මුදල් ඉපයීමයි. හීලැ අලි ඇතුන් පෙරහැරවලට විකිණීමත් පනික්කියා නයි නටවා මුදල් ඉපයීමත් අතර වෙනසක් නැත.
රාත‍්‍රී කාලයේ සත්ව උද්‍යානය විවෘත කර එය විනාශය කිරීමට බලකරන සතා කවුද කියා හරියටම පැහැදිළි නැතත් මිනිසුන් මෙම ක‍්‍රියාව හෙළා දකිනවා පමණක් නොව මෙළයක් ඇති මිනිසෙක් නම් රාත‍්‍රී කාලයේ සත්ව උද්‍යානයට යෑමෙන් වැලකෙන ලෙස අප ඉල්ලා සිටිනවා. සතුන් හා උද්‍යානය විනාශ කිරීමට නම් ඔබ උත්සහ දරන්නේ රාත‍්‍රී කාලයේ එහි පැමිණෙන්න. නැතිනම් මෙම ක‍්‍රීයාවට ඔබේ විරෝධය දක්වන්න.
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
COMMENTS