මහරගම ස්‌වාධීන කණ්‌ඩායම් (මෝටර් සයිකලය) අපේක්‌ෂක ලැයිස්‌තු මතභේදය විසදාගත යුත්තේ අධිකරණයෙන් පමණක් බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම...
මහරගම ස්‌වාධීන කණ්‌ඩායම් (මෝටර් සයිකලය) අපේක්‌ෂක ලැයිස්‌තු මතභේදය විසදාගත යුත්තේ අධිකරණයෙන් පමණක් බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා පවසයි.
ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
මෙම අපේක්‌ෂක ලැයිස්‌තුව පිළිබඳ ප්‍රශ්න කරන ඕනෑම පුද්ගලයකුට ඒ පිළිබඳ නිවැරදි තීරණයක් ලබා ගත හැක්‌කේ අධිකරණයෙන් බවත් මොහොමඩ් මහතා සඳහන් කළේය.
මහරගමට මෝටර් සයිකලය සලකුණින් තරග කළ ස්‌වාධීන කණ්‌ඩායම මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කළ අතර එම ජයග්‍රාහකයන් අතර දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දාහතරදෙනකු, මහරගම පදිංචිකරුවන් දෙදෙනකු සහ වැල්ලවත්තේ පදිංචිකරුවකු වන බව පැවසේ.
COMMENTS