රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොවන්නේ නම් වහා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි ශ්‍රිලනිප ආරංච...
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොවන්නේ නම් වහා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි ශ්‍රිලනිප ආරංචි මාර්ග පවසයි.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46(2) (ආ) වගන්තියට අනුව අගමැතිවරයා ස්‌වකීය ධුරය දරන්නේ ඇමැති මණ්‌ඩලය පවතිනතාක්‌කල් බව සඳහන්වේ. ඒ අනුව ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය ද අහෝසි වන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුව පවත්වාගෙන යාමේ ගිවිසුම මේ වනවිට අවසන් වී ඇති අතර මෙතෙක් එම ගිවිසුම අලුත් කර නැතැයි ද වාර්තා වේ.
වර්තමාන ඇමැති මණ්‌ඩලය පත්කර තිබෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනවවැනි සංශෝධනයට අනුවය. දහනවවැනි සංශෝධනය අනුව ජාතික ආණ්‌ඩුවක සිටියයුතු ඇමැතිවරුන් සංඛ්‍යාව සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව සඳහන් කර තිබේ.
එහෙත් ජාතික ආණ්‌ඩු ගිවිසුම යළි අලුත්කර නැති නිසා වර්තමානයේ තිබෙන ඇමැති මණ්‌ඩලය ද නීත්‍යනුකූල නොවන බව එම නිසා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීම සිදුකෙරෙනු ඇති බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු පැවසී ය.
COMMENTS