දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැරදි තොරතුරු දෙන පුද්ගලයින්ට පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්
Homeප්‍රවෘත්ති

වැරදි තොරතුරු දෙන පුද්ගලයින්ට පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්

PropellerAds

වැරදි තොරතුරු සපයන ඇතැම් මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. පොලිස්...

හම්බන්තොට වරායේ සේවකයින් මාරාන්තික උපවාසයක
යුද්දේ රාජපක්ෂ දිනූ කොටස ගැන චන්ද්‍රිකා කියයි
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 6කට ඇප
වැරදි තොරතුරු දෙන පුද්ගලයින්ට පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්

වැරදි තොරතුරු සපයන ඇතැම් මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පොලීසිය අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රජා පොලිස් සේවය ප්‍රතිස්ථාපනය සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ උත්සවයට කොළඹදී ඊයේ එක්වෙමිනි.  

මේ අතර කොළඹ ආරක්ෂක සමුළුව පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.  

ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය පිළිබඳව බුද්ධි අංශ විමසිල්ලෙන් පසුවන බවයි.

එහිදී පොලිස්පතිවරයා මෙසේ අදහස් දැක්විය.

“මම මාධ්‍ය ගැන කතා කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ මම මාධ්‍යයට කැමති නැහැ කියලා. නමුත් මාධ්‍ය අප බලාපොරොත්තු වන දිශානතියට ගමන් කරන්නේ නැහැ ඇතැම් දිනවලදී. මා හිතවත් මාධ්‍ය හිතන්න ජාතික සහජීවනය පිළිබඳව අපිට තවත් ගොඩක් දුර යන්න තියෙනවා. බොහෝ ප්‍රධාන ධාරාවෙන් නොවන පුවත්පත් කුඩා පුවත්පත් ගොඩක් දේවල් කියනවා. අපි ඇයි ඒ පිළිබඳව කණස්සල්ලට පත් වන්නේ අැයි? අපි ඒ වෙනුවෙන් අපේ කාලය කා දමන්නේ? මම යනවා මගේ මාර්ගයේ. ඒ වගේම ඉතා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියළුම වැරදි දේවල් වලට වගේම වැරදි තොරතුරු සපයන්නන්ට එරෙහිව. නීතිපති කාර්යාලය විශේෂ උපදේශන හා මඟපෙන්වීම මත අපි නෛතික කෙටුම්පතක් සම්පාදනය කරලා තියෙනවා. එය ඉදිරියේදී ක්‍රියාවට නැංවෙනු ඇත. ජාත්‍යන්තර අවශ්‍යතාවයන්, සයිබර් අපරාධ,  තාක්ෂණික අපරාධය මේවා සම්බන්ධයෙන් අපේ අය සූදානම් වෙමින් සිටිනවා. මේ වෙලාවෙදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති සයිබර් අපරාධ අංශය විමධ්‍යගත කරනවා. පළමු කාර්යාලය අපි විවෘත කළා මහනුවර. පොලිසිය සූදානම් හැම පැත්තකින්ම එන අභියෝග වලට මුහුණ දීමට.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැරදි තොරතුරු දෙන පුද්ගලයින්ට පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්
වැරදි තොරතුරු දෙන පුද්ගලයින්ට පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්
http://am.lk/media/k2/items/cache/294e9bb1b7d144875e6b3c778f05bf61_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_327.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_327.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy