දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුද්දේ රාජපක්ෂ දිනූ කොටස ගැන චන්ද්‍රිකා කියයි
Homeප්‍රවෘත්ති

යුද්දේ රාජපක්ෂ දිනූ කොටස ගැන චන්ද්‍රිකා කියයි

PropellerAds

යුද්ධය නිම කළ ආකාරය ගැනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරන...

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට දඬුවම් දෙනු - උතුරේ විරෝධතා
මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාවේ බෙල්ලම හිර කරයි.. කොරෝනා මෘතදේහ ආදාහනයක් අමුණයි
පොහොට්ටුව තුළ විමල් ඉටුකරන්නේ කඳ පණුවාගේ භූමිකාවයි - ජානිපෙ හිටපු මහලේකම්
යුද්දේ රාජපක්ෂ දිනූ කොටස ගැන චන්ද්‍රිකා කියයි

යුද්ධය නිම කළ ආකාරය ගැනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඒ වේයන්ගොඩ, එළුවපිටිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් මොකෙක් හරි බලයට පත් වුණා කියලා ඒ පත්වෙච්ච මනුස්සයා රට කනවා නම් පක්ෂය විනාශ කරනවා නම් ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා කිය කිය සින්දු කිය කිය ඉන්න බැහැ. ඒ මිනිහටත් විරුද්ධව අපි ඇක්ෂන් ගන්න ඕනේ. දැන් අපේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමැති කෙනෙක් හොරකම් කරලා අහු වුණා දැන් අයින් කරලා තියෙන්නේ. දැන් එයාට විරුද්ධව නඩු දානවලු. මුදල් ඇමැති. නිකන් ඇමැති කෙනෙක් නෙවෙයි. ප්‍රබලම ඇමැති. එහෙමයි ආණ්ඩුවක් තියෙන්න ඕනේ. එතකොට අපේ පක්ෂයේ කවුරු හරි වැරදි කෙරුවා නම් එයා ජනාධිපති වුණත් මොන දෙවියෝ වුණත් අපි එයාට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. ඒක අපේ යුතුකමක්. අපි හොයා ගත්තා රාජපක්ෂ පුතෙකුගේ නමට ඩුබායිවල මැෂ්ඩට් කියන බැංකුවේ ඩොලර් මිලියන 1000ක් එකවුන්ට් එකක් තිබුණා. පොලීසිය ගිහින් පරීක්ෂණ පටන් ගන්න කොට සල්ලි ටික ඔක්කොම ඇද්දා. බැංකුව දෙන්න බැහැ කිව්වා. විස්තරය ලිඛිතව. බැංකුවේ ඉන්න එවුන්ටත් පගාව දීලා. අපේ බැංකුවක් නෙවෙයිනේ බලෙන් ගන්න බැහැ.”

“ඒ මේ සුළු ප්‍රමාණයක් හොරකම් කරපු ඒවගෙන්. මගේ ආණ්ඩුවෙන් මම අවුරුදු 11ක් ජනාධිපති වෙලා හිටියා. පලවෙනි අවුරුදු අටේ රජයේ සේවකයෙකුගේ පඩි කොච්චර වැඩි කෙරුවද? මෙතන ඉන්න රජයේ සේවකයෝ අත උස්සන්න බලන්න. එක්කෙනාද? සංස්ථාවල එහෙම ඉන්න අය. ඔන්න බලන්න වැඩේ. 151ක් මගෙන් රස්සාව ගත්තා එක්කෙනයි ඉන්නේ. ඔන්න මිත්‍රවරුනි අපේ සිංහල බෞද්ධයන්ගේ කෙලෙහිගුණ සැලකීම. ඒක සිංහල බෞද්ධ විශේෂ ලක්ෂණයක්. තරහ වෙන්න එපා කිව්වට. කොහොමහරි ඒ ගොල්ලෝ වැඩ කෙරුවා කියලා කියන්නේ කොහොමද? යුද්ධය දිනුවලු. යුද්ධයෙන් තුන් කාලක් කවුද යාපනය ඇල්ලුවේ. මගේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුද්දක් යනකොට මුළු යාපනයෙන්ම කොටි පන්නලා යාපනය නිදහස් කර ගත්තා. උතුරෙන් තුන්කාලක් කොටි අල්ලන් හිටපු ප්‍රදේශ අපි අල්ල ගත්තා. ඉතුරු වුණේ කිලිනොච්චියයි, මුලතිව් විතරයි. ඒ ටික විතරයි රාජපක්ෂ දිනුවේ. මගේ තියෙන වැරැද්ද අර රාජපක්ෂ උන්නැහේ කෙරුවා වගේ මම අහසට උඩින් කෝටි ගණන් ආණ්ඩුවෙන් මුදල් වියදම් කරලා කටවුට් ගහගත්තේ නැහැ. අන්න ඒකයි මම කියන්නේ සිංහල බෞද්ධයින්ගේ හැටි කියලා.”යැයිද ඇය වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුද්දේ රාජපක්ෂ දිනූ කොටස ගැන චන්ද්‍රිකා කියයි
යුද්දේ රාජපක්ෂ දිනූ කොටස ගැන චන්ද්‍රිකා කියයි
http://ift.tt/2AJg8MA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_350.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_350.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy