හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයින්ගේ ඉල්ලීම් ගැන බලධාරීන් කිසි විසදුමක් ලබා නොදුන් බැවින් අද (9) සිට සේවකයින...
හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයින්ගේ ඉල්ලීම් ගැන බලධාරීන් කිසි විසදුමක් ලබා නොදුන් බැවින් අද (9) සිට සේවකයින් 438 දෙනා මාරාන්තික උපවාසයක නියැලීමට කටයුතු කර ඇති බව මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි.කේ.ඔමේෂ් මහතා පවසයි.
හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමගම යටතේ සේවය කළ සියලු සේවකයින් හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට බදු දීමට ප්‍රථමයෙන් වසරේ නොවැම්බර් මස 30 වනදා සිට සේවයෙන් ඉවත් කෙරිණි.
තමගේ රැකියා අහිමිවීම සම්බන්ධයෙන් තම රැකියා අහිමි වී දින 40ක් වන ඊයේ (08) දක්වා වගකිවයුතු සියලුම පාර්ශවයන් දැනුවත් කළත් මේ වන විට ඔවුන්ට සෑහීමකට පත්විය හැකි කිසිදු විසඳුමක් ලබා නොදුන් බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
COMMENTS