දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්
Homeප්‍රවෘත්ති

නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්

PropellerAds

බෙහෙත් නොමැතිව රෝගීන් රෝහල්වල සුසුම් හෙලද්දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයා තමන් විසින්ම තමන්ට උපහාර උළෙලක් පවත්වා ගැනීම හාස්‍ය ජනක බව පාරිභ...

කාදිනල්තුමන් එපා කියද්දී පල්ලි හදන්න කියා ලේක්හවුස් සේවක දිනක වැටුප කපයි
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට ප‍්‍රසන්න රණතුංග අත්සන් නොකලේ ඇයි ?
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ‍්‍රීලනිපය තීරණය කර නෑ.. දීර්ඝව සාකච්චා කර වගකීමෙන් තීන්දුව ගන්නවා - දුමින්ද
නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්

බෙහෙත් නොමැතිව රෝගීන් රෝහල්වල සුසුම් හෙලද්දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයා තමන් විසින්ම තමන්ට උපහාර උළෙලක් පවත්වා ගැනීම හාස්‍ය ජනක බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

“සුවපති අභිශේකය’’ ලෙස නම් කරමින් ‘’හුස්ම ගන්නා මිනිසුන්ගේ කතාව’’ යන්නෙන් නම් කර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2018/07/31 දින කොළඔ නෙලුම් පොකුණ රගහළේදී සවස 2 ට තමන් වෙනුවෙන් තමන් විසින්ම පවත්වා ගනු ලබන උපහාර උළෙලට සහභාගීවන පිරිසගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ එදිනම සවස 5 කොළඔ ජාතික රෝහලටද පැමිණ මෙරට ‘’හුස්ම ඉල්ලා සිටින මිනිසුන්ගේ කතාව’’ සියසින් දැක බලා ගැනීම සදහාද පැමිණෙන ලෙසය.“ යැයි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය අවධාරණය කරයි.

එම නිවේදනය පහතින්,

නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්.

බෙහෙත් නොමැතිව රෝගීන් රෝහල්වල සුසුම් හෙලද්දී ශී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයා තමන් විසින්ම තමන්ට උපහාර උළෙලක් පවත්වා ගැනීම හාස්‍ය ජනකය. මීට පෙර ‌‌ෙඖෂධ වර්ග 48 මිල අඩු කලා යැයි උදම් ඇනීමට මිලියන ගණනක් වියදම් කොට පෝස්ටර් ගැසූ අප සෞඛ්‍ය ඇමතිවරයා තමන්ට උපහාර වශයෙන් තමන්ම උපහාර උළෙලක් සංවිධානය කර ගන්නේද මේ රටේ ජනතාවගේ බදු මුදලින් වීම ජුගුස්සාජනකය. නෙලුම් පොකුණ වැනි මිල අධික ස්ථානයක මෙවැනි උපහාර උළෙලක් පැවැත්වීම තුළින්ම සෞඛ්‍ය ඇමතිවරයාගේ මානසිකත්වය කෙසේද? යන්න තේරැම් ගන්නා ලෙස අප මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ඉතිහාසයේ කවරදාකටවත් වඩා අද වන විට නිදහස් සෞඛ්‍ය සේවාව පිරිහී ඇත. ජාතික අක්ෂිරෝහලේ කාච හිගයෙන් රෝගීන් පීඩා විදී. රෝහල්වල වෛද්‍යවරැ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් භාහිර ඔසුසල් වලින් මිලදී ගැනීමට තුන්ඩු ලබා දෙයි. රැධිර පරීක්ෂණ සදහා රෝගීන් විශාල පිරිසක් පුද්ගලික රස‌ායනාගාර වල පෝලිම්වලය. පිළිකා එන්නත් මිලදී ගැනීමේ ටෙන්ඩරයේ පාඩුව මිලියන සිය ගණනකි. සෞඛ්‍ය ඇමතිවරයා තමන්ටම තමන් විසින් උපහාර උළෙලක් සංවිධානය කර ගනී. මෙවැනි මානසික රෝගීන්ට අනුකම්පා කිරීම හැර වෙන කල හැකි කිසිදෙයක් නොමැතිය ජනතාව අසරණවී සිටී.

‘’සුවපති අභිශේකය’’ ලෙස නම් කරමින් ‘’හුස්ම ගන්නා මිනිසුන්ගේ කතාව’’ යන්නෙන් නම් කර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2018/07/31 දින කොළඔ නෙලුම් පොකුණ රගහළේදී සවස 2 ට තමන් වෙනුවෙන් තමන් විසින්ම පවත්වා ගනු ලබන උපහාර උළෙලට සහභාගීවන පිරිසගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ එදිනම සවස 5 කොළඔ ජාතික රෝහලටද පැමිණ මෙරට ‘’හුස්ම ඉල්ලා සිටින මිනිසුන්ගේ කතාව’’ සියසින් දැක බලා ගැනීම සදහාද පැමිණෙන ලෙසය.

සෞඛ්‍ය ඇමතිතුමනි,මිනිසුන් වෙනුවෙන් අවංකව වැඩ කරන්න එවිට එම මිනිසුන් ඔබට උපහාර කරනු ඇත.එය සැබෑ උපහාරයයි! එවිට ඔබට කුලියට මිනිසුන් ගෙන උපහාර උළෙලවල් පැවැත්වීමට සිදුනොවනු ඇත.


රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්
නිදහස් සෞඛ්‍ය සේවය පිරිහී රෝගීන් දුක් විදිද්දී, සෞඛ්‍ය ඇමතිගෙන් සෞඛ්‍ය ඇමතිටම උපහාර උළෙලක්
http://am.lk/media/k2/items/cache/57823458e9269facd3851b07691bd14a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy