ඇ මති රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට තමන් අත්සන් නොකලේ මේ දිනවල විදේශගතව සිටින නිසා බව පාර්ලිාමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහත...
ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට තමන් අත්සන් නොකලේ මේ දිනවල විදේශගතව සිටින නිසා බව පාර්ලිාමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
තමන් එම විශ්වාස භංගයට පූර්ණ සහාය දෙන බව මන්ත‍්‍රිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
මේ දිනවල මා විදේශගතව සිටින නිසා ඇමති රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය යෝජනාවට අත්සන් කිරීමට නොහැකි විය.
මුස්ලිම් අන්තවාදයට උඩ ගෙඩි දෙන රිෂාද් බදුර්දීන් අමාථ්‍යවරයාට මෙන්ම ඔහු රකින රනිල් මෛත්‍රී ආණ්ඩුව සම්බන්ධයෙන්ද ජනතාව අතර ඇත්තේ බරපතල ජනතා විරෝධයකි.
මුස්ලිම් අන්තවාදයට උඩ ගෙඩි දෙමින් රටතුල 83කළු ජූලියට සමාන තත්වයක් නිර්මාණය කර මැතිවරණ කල් දමා බලයේ රැදීමට උත්සහ දරණ මේ ආණ්ඩුවත් ඊට සහාය දෙන නඩයත් ගෙදර යැවිය යුතුමය. ඒ නිසා මේ මොහොතේ විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුත්තේ සමස්ථ ආණ්ඩුවටම බව මාගේ විශ්වාසයයි.
කෙසේ වෙතත් විපක්ෂය රිෂාද් බදුර්දීන් අමාථ්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් මුලින් ගෙන ඒමට තීරණය කර ඇත. අමාථ්‍යවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයාට භාරදීම සදහා අවශ්‍ය වන්නේ මන්ත්‍රී අත්සන් 20ක් වුවද උපරිම මන්ත්‍රී අත්සන් සංඛ්‍යාවක් සහිත මෙම විශ්වාස භංග යෝජනාව කථානායකවරයාට භාරදීමට විපක්ෂය තීරණය කර තිබෙණි.
මේ දිනවල විදේශගතව සිටින මා හට එම විශ්වාස භංග යෝජනාවට අත්සන් කිරීමට නොහැකි වුවද මේ සම්බන්ධ ඡන්ද විමසීම සිදු කෙරෙන අවස්ථාවේදී යෝජනාවට පක්ෂව ඡන්දය පල කිරන බව කථානායකවරයාට අද (16) ලිඛිතව දැනුම් දුනිමි.
රිෂාද් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පල කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරයකරන සියළු දෙනාගෙ යුතුකම හා වගකීම බවද අවධාරණය කරමි.
රිෂාද් බදුර්දීන් ඇමතිවරයාට මෙන්ම මුස්ලිම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අසාද් සාලි, හිස්බුල්ලා, මුජිබර් රහුමාන් වැනි අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතුව තිබේ.
ඒ සියල්ලටම වඩා මේ වන විට රට ත්‍රස්තවාදය හමුවේ නිරාවරණය කර ඇති රනිල් මෛත්‍රී ආණ්ඩුව ගෙදර යැවීමට වහා කටයුතු කල යුතුව ඇත. ඒ සදහා ගත හැකි සියළුම ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත් රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගය එහි පළමු පියවර පමණක් බවත් අවධාරණය කරමි.
ප්‍රසන්න රණතුංග (පා.ම)

COMMENTS