දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුලතිව් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් - කැරලි මර්ධනයත් කැඳවයි
Homeප්‍රවෘත්ති

මුලතිව් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් - කැරලි මර්ධනයත් කැඳවයි

PropellerAds

මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදාගනිනමින් ධීවරයින් මසුන් ඇල්ලීම වහාම නතර කරන ලෙස ඉල්ලා අද (02) මුලතිව්හි සියලුම ධීවරයින් උද්ඝෝෂණයක නිරත වෙ...

සාකච්ඡා අසාර්ථකයි - දුම්රිය වර්ජනය දිගටම ක්‍රියාත්මකයි
9 ශ්‍රේණිය ගණිතය පොතට ඉතිහාසය පාඩම් ඇතුලත් කරලා - දරුවන් ගුරුවරුන් දැඩි අපහසුතාවයක
රාජපක්ෂ ස්මාරකයට, කෞතුකාගාරයට කැබිනට් අනුමැතිය ගෙන නෑ - ප්‍රාදේශීය සභා අවසරයත් නෑ
මුලතිව් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් - කැරලි මර්ධනයත් කැඳවයි

මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදාගනිනමින් ධීවරයින් මසුන් ඇල්ලීම වහාම නතර කරන ලෙස ඉල්ලා අද (02) මුලතිව්හි සියලුම ධීවරයින් උද්ඝෝෂණයක නිරත වෙමින් මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා එම කාර්යාලයට දැඩි අලාභහානි සිදු කොට ඇති බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

මුලතිව් කෝකිලායි සිට චලෙයි දක්වා සිටින සියලුම ධීවරයින් අද උදෑසන මුලතිව් නගර මධ්‍යට පිවිස පළමුව විරෝධතාවක නිරතවී කියා සිටියේ මුලතිව් මුහුදේ සිදු කරන තහනම් ධීවර කටයුතු වහාම නවතන ලෙසට ඉල්ලමිනි.

එම විරෝධතාවයට විසඳුමක් නොලැබීම හේතුවෙන් ධීවරයින් සියලුම දෙනා එක්ව විරෝධතා පාගමනින් මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වූවේ තම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලමිනි.

නමුත් සහකාර ධීවර පරික්සක කාර්යාලයේ දොරටුව වසා කිසිදු නිලධාරියෙකු විසඳුමක් ලබා නොදීම හේතුවෙන් උද්ඝෝෂණයෙහි නිරත වූ ධීවරයින් පළමුව සහකාර ධීවර පරික්සඛ කාර්යාලයේ වැට ගලවා දමා කාර්යාලයට ඇතුලු වී කාර්යාලයේ දේපලවලට දැඩි හානකියක් සිදු කොට ඇති අතර තත්වය පාලනය කිරීමට මුලතිව් පොලීසියටද මැදිහත් වීමට සිදුවිය.

එම අවස්ථාවේදී ධීවරයින් හා රාජ්‍ය ධීවර පරික්සක කාර්යාල නිලධාරීන් අතර දැඩි උණුසුම් අවස්ථාවක් හටගත් අතර මුලතිව් පොලීසියේ මැදිහත් වීම මත තත්වය පාලනය කරන ලදි.

මේ වන විටද උද්ඝෝෂණයේ නිරත ධීවරයින් එම ස්ථානයේ රැඳී සිටින අතර තහනම් දැල් ආම්පන්න යොදා මසුන් මැරීමට එරෙහිව පිළිගත හැකි විසඳුමක් ලැබෙනතුරු තම උද්ඝෝෂණය අත නොහරින් බවට එම ධීවරයින් කියා සිටිති.

අදාල ගැටලුව සම්බන්ධයෙන් මුලතිව් සහකාර ධීවර පරික්සඛ කාර්යාල නිලධාරීන් විසින් මුලතිව් දිසාපති කාර්යාලය හරහා ධීවර අමාත්‍යංශ නිලධාරීන් දැනුවත් කොට ඉක්මන් විසඳුමක් ලබා දීමට මේ වන විට කටයුතු යොදමින් සිටිති.

උද්ඝෝෂණයේ නිරත වූවන් වැඩි දුරටත් කියා සිටියේ මසුන් ඇල්ලීම සඳහා බොහෝ ධීවරයින් ඩයිනමයිට් බෝම්බ යොදා මසුන් ඇල්ලීම නිසා කුඩා මසුන් විශාල පිරිසක් මිය යන බවටත් ලයිලා සුරුක්කු වැනි තහනම් දැල් ආම්පන්න යොදා මසුන් ඇල්ලීම මගින් මුලතිව්හි කුඩා මසුන් විනාශ වන අතරම සාගර සම්පත්ද දැඩි ලෙසන් විනාශ වී පාරසරික ගැටලු රැසකටද මුහුණ පෑමට සිදුව ඇති බවටයි.

උද්ඝෝෂණ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුලතිව් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් - කැරලි මර්ධනයත් කැඳවයි
මුලතිව් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් - කැරලි මර්ධනයත් කැඳවයි
http://am.lk/media/k2/items/cache/7d847767c633fccf3fed183f3e51d5a9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy