කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දරු දැරියන් අතට පත්වූ 9 ශ්‍රේණිය ගණිතය පෙළපොතට ඉතිහාසය පාඩම් ඇතුළු වී ඇති බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය ව...
කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දරු දැරියන් අතට පත්වූ 9 ශ්‍රේණිය ගණිතය පෙළපොතට ඉතිහාසය පාඩම් ඇතුළු වී ඇති බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය වීමත් සමඟ එම සිදුවීම පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට නියෝග කොට ඇත.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හරහා මුද්‍රණය කෙරෙන සියලුම පෙළ පොත් පිළිබඳව නියැදි පරීක්ෂාවක් සිදු කෙරෙන අතර එවන් පසුබිමක් තුල අදාළ දෝෂ සහිත පෙළපොත් දරුවන් අතට පත් වූයේ කෙසේදැයි වහාම සොයා බලන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
එමෙන්ම අදාල පෙළපොත් මුද්‍රණය සිදුකළ මුද්‍රණ ආයතනයෙන්ද මේ සම්බන්ධව නිදහසට කරුණු විමසන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
මෙවැනි අතපසුවීම් සහ දෝෂ සහගත තත්වයන් හේතුවෙන් දරුවන් මෙන්ම ගුරුවරුන්ද අපහසුතාවයට පත්වන බවත් එය අධ්‍යාපන අමාත්‍යංශයේ කීර්තිනාමයටද හානියක් වන බැවින් මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
මේ පිළිබඳව කරුණු සොයා බලා දෝෂසහගත පෙළපොත් වෙනුවට නව පෙළපොත් ලබා දීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් නියෝග කොට ඇත.
දෙමව්පියන් පවසන ආකාරයට 2018 වර්ෂයේදී 09 ශ්‍රේණියට සමත් සිසුන් කිහිපදෙනෙකුට මෙම පෙළපොත් ලැබී ඇති අතර ගණිතය - 2 කොටස පෙලපොතේ පළමු පාඩම ලෙස “ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසින් යටතට පත් වීම” යනුවෙන් සටහන් වී තිබේ.
එමෙන්ම එම පෙළ පොතෙහි 07 වැනි පිටුවේ සිට නැවත ගණිතය විෂයට අදාළ විෂය කොටස් අන්තර්ගත කර ඇතැයිද දෙමව්පියෝ පවසති.
COMMENTS