ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති 12ක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. වැටුප් විෂමතා ගැ...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති 12ක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
වැටුප් විෂමතා ගැටලුවට මෙතෙක් විසදුම් ලබා නොදීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට තීරණය කළ බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියරින් සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කලේය.
කෙසේවෙතත් දුම්රිය රියදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටියේ පවතින ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක බව ඔහු ප්‍රකාශ කළේය.
දුම්රිය රියදුරු සහායක බඳවාගැනීම් ගැටලුවක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියරින් සංගමයේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළේය.
දුම්රිය පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති 12ක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කලේ වැටුප් විෂමතා ගැටලුවක් මුල් කරගනිමින්ය.
COMMENTS