රුසියාවේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් දයාන් ජයතිලක මහතා පත් කර ඇත. මේ අතර ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔස්ටින් ...
රුසියාවේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් දයාන් ජයතිලක මහතා පත් කර ඇත.
මේ අතර ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.
කෙසේ වෙතත් මේ වන විට දයාන් ජයතිලක මහතාගේ පත්වීම සම්බන්ධයෙන් එජාපය දැඩි විරෝධයක් පළ කර ඇතැයි වාර්තා වේ.
දයාන් ජයතිලක මහතා 2015න් පසු මුල් කාලයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයා සමග ඉතා සමීපව කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ කඳවුර නැවත බලයට ගෙනඒමට ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙලගස්වන සටනේ ප‍්‍රධාන පෙලේ විද්වතෙකු ලෙස කටයුතු කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රටවල් 10 ක් සඳහා පත්කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ජනාධිපති කාර්යාලයේදි හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බවයි.
රටවල් 10 ක් සඳහා පත්කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්,
නොර්වේ රාජ්‍යයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය ද,
රුසියාවේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා ද
බ‍්‍රසීලයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස එම්.එම්. ජෆීර් මහතා ද,
කැනඩාවේ ශ‍්‍රී ලංකා නව මහකොමසාරිස්වරයා ලෙස එම්.ඒ.කේ. ගිරිහාගම මහතා ද,
පෝලන්තයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා ද,
ස්වීඩනයේ නව ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. ගනේගමආරච්චි මහතා ද,
වියට්නාමයේ නව ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. පේ‍්‍රමවර්ධන මහත්මිය ද,
දකුණු අප‍්‍රිකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස අනුරුද්ධ කුමාර මල්ලිමාරචිච මහතා ද,
ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද,
පකිස්ථානයේ නව මහකොමසාරිස්වරයා ලෙස නූර්දීන් මොහොමඞ් ෂහීඩ් මහතා ද පත් කර තිබේ.
COMMENTS