මිනුවන්ගොඩ, ආඬිඅම්බලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේස් රටක නිෂ්පාදනය කළ පෑනක් ආකාරයේ කුඩා පිස්තෝලයක් හා ජීව උණ්ඩයක් සමඟ පාතාල කල්ලි සාමා...
මිනුවන්ගොඩ, ආඬිඅම්බලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේස් රටක නිෂ්පාදනය කළ පෑනක් ආකාරයේ කුඩා පිස්තෝලයක් හා ජීව උණ්ඩයක් සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය පවසයි.
එම කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව ඊයේ (23) මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදූවේ සාගර නමැති පාතාල සාමාජිකයාගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකි.
සැකකරුට මෙම ගිනිඅවිය ලැබුණු ආකාරය හෙළි කරගැනීම සහ කුමන අරමුණක් මත මෙය ළඟ තබාගත්තේදැයි අනාවරණය කරගැනීමට මේ වනවිට පරීක්ෂණ සිදු කරයි.
COMMENTS