පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල ලෙස ස්ථාපනය කරන ලද ආයතනයක් බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දු කළේය. රක්ෂිත...
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල ලෙස ස්ථාපනය කරන ලද ආයතනයක් බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දු කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සරත් වීරවංශ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා පසුගිය පාලන සමයේ රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ චෝදනා ලබා තිබේ.
සරත් වීරවංශ වෙනුවෙන් ඇප ඉල්ලා සිටි ඔහුගේ නීතිවේදියා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරක්ෂක ලේකම්වරයා විසින් ස්ථාපිත කරන ලද පොලිස් ඒකකයක් නොවන බවට තර්ක කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් පරීක්ෂණ මෙහෙයවීමට අදාළ පොලිස් ඒකකයට නීත්‍යනුකූල බලයක් නොමැති බව අධිකරණයට පෙන්වා දුන්නේය.
එම තත්වය සුවිශේෂ කරුණක් ලෙස සලකමින් සිය සේවාදායකයාට ඇප නියම කරන මෙන් විත්තියේ නීතිවේදියා උසාවියෙන් ඉල්ලා සිටියේය.
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න කියා සිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිස් ආඥා පනත යටතේ ස්ථාපිත කළ නීත්‍යනුකූල ආයතනයක් බවය.
එම පොලිස් ඒකකයට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ පරීක්ෂණ මෙහෙයවීමට බලය පවතින බව මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළාය.
ඒ අනුව අදාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර සරත් වීරවංශ ලබන මස 07 වැනිදා තෙක් තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළාය.
COMMENTS