යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා කිලිනොච්චියේදී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500 ක් පිරුනද රජයෙන් මෙතෙක් විසඳුමක් නොමැති...
යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා කිලිනොච්චියේදී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500 ක් පිරුනද රජයෙන් මෙතෙක් විසඳුමක් නොමැති බව කියමින් එම වැසියන් කිලිනොච්චියේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුනේ යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසිනි.
විරෝධතාවයට එක්වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු කියා සිටියේ,
‘යුද්දය අවසන් වී වසර 9 ක් ගත වී ඇතත් මේ දක්වා යුද සමයේදී අත්රුදහන් වූ සිය දරු මුණුබුරන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති අතරම ඒ වෙනුවෙන් විසඳුමක් ලබා දීමට පැවති රජයන්ට මේන්ම වත්මන් රජයටද නොහැකි වී ඇති බවටයි.
එමෙන්ම වත්මන් රජය බලයට පත්වීඹට පෙර අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී එය මගහැරමින් අතුරුදහන් වූවන් අමතක කොට ඇති බවටද කියා සිටි අතර වත්මන් රජය විසින් අතුරුදහන් වූවන්ගේ කාර්යාල දමමින් සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තරයට පෙන්වීමට හැරෙන්නට අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුමක් ලබා නොදීමට බවටත් තම අතුරුදහන් වූ දරු මුණුබුරන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලා මෙම විරෝධතාවන් සිදු කරනු ලැබීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS