මා වනැල්ල සහ ආසන්න ප්‍රදේශයන්හි බුදු පිළිම කඩා දැමූ සිද්ධියේ සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් ජාතික තව්හිත් ජමාත් සංවිධාන ...
මාවනැල්ල සහ ආසන්න ප්‍රදේශයන්හි බුදු පිළිම කඩා දැමූ සිද්ධියේ සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් ජාතික තව්හිත් ජමාත් සංවිධාන නායක මොහොමඩ් සහරාන් හසීම් විසින් ලබාදී ඇති බව රහස් පොලීසිය විසින් ඊයේ දිනයේ මාවනැල්ල අධිකරණය වෙත දැනුම් දෙන ලදී.
එම බුදුපිළිම කැඩීම සිද්ධිය සම්පූර්ණයෙන්ම සහරාන් විසින් මෙහෙයවු කර ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවූ බව රහස් පොලිසිය කියා සිටියේය.
‘උඹලා ගහලා මං ලගට වරෙල්ලා’ යනුවෙන් සහරාන් එම සැකකරුවන්ට පවසා ඇතැයි ප්‍රශ්නකිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයිද කරුණු හෙලි වී තිබේ.
මෙම සියළු සැකකරැුවන් එළැඹෙන 27 වන දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

COMMENTS