ආණ්ඩුව ඉල්ලනවා මෙහෙන් දෙන්න වගේ ඉන්නවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසය...
ආණ්ඩුව ඉල්ලනවා මෙහෙන් දෙන්න වගේ ඉන්නවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
ඒ ඊයේ (03) බලපිටියේ පැවති උත්සවයකට එක්වෙමිණි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ධීවරයා ගැනවත්, මහ මුහුද ගැනවත්, මාළු ගැනවත් මට කිසිම ප්‍රශ්ණයක් නැහැ. මට ප්‍රශ්නයක් තියෙන්නේ විපක්ෂේ හැමදාම ආණ්ඩුව ඉල්ලනවා. මම කල්පනා කරන්නේ මේ විපක්ෂය ආණ්ඩුව ඉල්ලනකොට ආණ්ඩු පක්ෂය ආණ්ඩුව දෙනවද?, දෙන්න හදනවද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. නිකන් දෙන්න හදනවා වගේ. මෙතෙක් මේ රටේ පැවති කිසිම ආණ්ඩුවක් විපක්ෂය ඉල්ලු පමණින් ආණ්ඩුව දුන්නේ නැහැ. ඒක නිසා මේ ආණ්ඩුවෙන් අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ රටේ ජනතාවට දැවැන්ත කාර්යයක් ඉෂ්ඨ කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා තියෙනවා. වැඩේ මොකක්ද අරහෙන් ආණ්ඩුව ඉල්ලනවා, මෙහෙන් දෙන්න හදනවා. දැන් නිකන් දෙන්න වගේ ඉන්නවා. ඒක තමයි වැරැද්ද. දෙනවා නම් තව එකක්. කොයි වෙලාවෙත් දෙන්න වගේ ඉන්නවා. මම ඒක ගැන කණගාටු වෙනවා.”
COMMENTS