දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෝනිලා ක්‍රිකට් ආයතනයට දුන් මිලියන 33ක් ආගිය අතක් නෑ !
Homeප්‍රවෘත්ති

සෝනිලා ක්‍රිකට් ආයතනයට දුන් මිලියන 33ක් ආගිය අතක් නෑ !

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් මෙරටට හිමි විය යුතු මිලියන 33කට අධික මුදලට සිදු වූයේ කුමක් ද යන්න...

ඡන්දෙන් පස්සේ ශ‍්‍රීලනිපය හා දෙමල සන්ධානය සමගි ආණ්ඩුවක් හදනවා.. දැනමෙ එකග වී අවසන්…- එජාපය බිම් මට්මට කියති..
රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..
එජාප අර්බුදයට විසඳුමක් ! - ලකුණ මාරු කරන්න කොමිසමෙන් ඉඩ !!
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් මෙරටට හිමි විය යුතු මිලියන 33කට අධික මුදලට සිදු වූයේ කුමක් ද යන්න තවමත් ගැටලුවක්ව ඇතැයි වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් යොමු කළ ලිපියට පිළිතුරු දෙමින් එම මුදල පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය හිමි සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්දියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම එවන ලද ලිපියක් මගිනි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ මත සාවද්‍යයි යන්න පිළිබඳව තවත් කරුණක් ද අනාවරණය වී ඇතැයි පැවසේ.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් සිල්වා යොමු කළ ලිපියකට සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්දියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම එවූ මෙම පිළිතුර ලිපිය අනාවරණය කරන තොරතුරු අනුව ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළ මිලියන 33කට අධික මුදලක් නොලැබීම පිළිබඳව පසුගිය මැයි 03 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් වෙත මෙම ලිපිය යොමු කර තිබේ.

එමගින් ලේකම්වරයා දන්වා ඇත්තේ, අදාළ සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පවතින ගිවිසුම් උල්ලංඝනය කර ඇති බවත් අදාළ මුදල මේ වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී නොමැති බවත් ය.

මීට ප්‍රතිචාර ලෙස සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ආයතනය දැඩි ප්‍රතිචාර සහිත පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලබා දුන් විධානවලට අනුව අදාළ මුදල් ගෙවීම තම ආයතනය සම්පූර්ණ කර ඇති බව ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ශීර්ෂවල වගකිව යුතු නිලධාරීන්ගේ අත්සන් ද සහිතව එම ඉන්වොයිස් පත් තමන්ට ලැබුණු බවත් ඒ අනුව මුදල් ගෙවීම් සිදු කර ඇති බවත් එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම්වරයා යොමු කළ ලිපිය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සිදු කළ වංචාවකට තම ආයතනය වැරදිකරුවන් බවට පත් කිරීමේ උත්සහයක් පෙන්නුම් කරන බව ද ලිපියේ සඳහන් ය.

මෙම තත්ත්වය හමුවේ තම ආයතනයට චෝදනා කරමින් යොමු කළ ලිපිය වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටින, සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ආයතනය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, තවදුරටත් මුදල් නොගෙවූ බවට චෝදනා කරන්නේ නම් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව ය.

සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ආයතනය ලබා දුන් රුපියල් මිලියන 33කට අධික මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව නොමැති නම් ඒ මුදල් බැර වූයේ කාගේ ගිණුමකට ද?ලෙස වෙනත් ගිණුමකට මුදල් බැර කිරීමට උපදෙස් දුන්නේ කවුද?, එය සඟවමින් වෙනත් අයට චෝදනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් උත්සහ කරන්නේ ඇයි? යන කාරණා මේවන විට ක්‍රිකට් කේෂත්‍රයේ ප්‍රවීනයන් ප්‍රශ්න කරමින් සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෝනිලා ක්‍රිකට් ආයතනයට දුන් මිලියන 33ක් ආගිය අතක් නෑ !
සෝනිලා ක්‍රිකට් ආයතනයට දුන් මිලියන 33ක් ආගිය අතක් නෑ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTgGvq4EHLGeMDmOmfxU8zYYDl_hTskFFzKimZXV0wnPXg1AmvjZBX8nSkENu-vsm_iOie2AFiWFwoRSKwkGkgu2LmgbzgQ5KcI-Xm-w09zQsmbMvtZdMtrqvK_MDRNh_U5fyj__N68t3Q/s320/293f94f8a6fb306ef6873d0815e24855_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiTgGvq4EHLGeMDmOmfxU8zYYDl_hTskFFzKimZXV0wnPXg1AmvjZBX8nSkENu-vsm_iOie2AFiWFwoRSKwkGkgu2LmgbzgQ5KcI-Xm-w09zQsmbMvtZdMtrqvK_MDRNh_U5fyj__N68t3Q/s72-c/293f94f8a6fb306ef6873d0815e24855_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy