ම රණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් අද නිකුත් කලේය. ඒ අනුව ඔක්තෝබර් මස 30 ...
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් අද නිකුත් කලේය.
ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින දක්වා මෙම අතුරු තහනම් නියෝගය ක‍්‍රියාත්මක වෙයි.
ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.
මේ අතර මරණ දණ්ඩනය නියම කර බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවෙකුට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමක් සම්බන්ධයෙන් මේ වන තෙක් ජනාධිපතිගෙන් නියෝගයක් ලැබී නැති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
අද අභියාචනාධිකරණය හමුවේ ටී.එම්.ඩබ්ලිව්. තෙන්නකෝන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කල යුතු දිනය, වේලාව, ස්ථානය අදී කිසිම තොරතුරක් තමනට ලැබී නැති බවයි.
මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට විරුද්දව අධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.
එලැබන 17 වනදා තෙක් කිසිදු සිරකරුවෙකුට මරණීය දණ්ඩනය ලබා නොදෙන බවද ඔහු සදහන් කලේය.

COMMENTS