ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් හා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ආධාරකරුවන් අතර අද (07) තලවකැලේ නගර මධ්‍යයේ වරින් වර ඇති වු උණුසුම් තත්ත්වයක්...
ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් හා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ආධාරකරුවන් අතර අද (07) තලවකැලේ නගර මධ්‍යයේ වරින් වර ඇති වු උණුසුම් තත්ත්වයක් පාලනය කිරිමට නුවරඑළිය පොලිසියේ කැරලි මර්දන ඒකකය කැදවිමට සිදු වී ඇති බව අප වාර්තාකරු පැවසීය.
තලවකැලේ නගර මධ්‍යයේ රැස්ව සිටි දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ආධාරකරුවන් නුවරඑළිය නගරයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් තලවකැලේ නගරය හරහා බස් රථවලින් ගමන් කිරිමේදි දෙපාර්ශවය අතර මෙම උණුසුම් තත්ත්වය වරින් වර ඇති විය.
එම තත්ත්වය පොලිසියට පාලනය කර ගත නොහැකි නිසා නුවරඑළිය පොලිසියේ කැරලි මර්දන ඒකකය යොදවා එම තත්ත්වය පාලනය කිරිමට පොලිසියට සිදු විය.
කැරලි මර්දන ඒකකය තත්ත්වය පාලනය කිරිමත් සමගම ඇති වු උණූසුම් තත්ත්වය සමතයකට පත් වූ බව අප වාර්තාකරු පැවසීය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS