ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තමා හෙළි කළ තොරතුරුවලට අදාල සිදුකරන විමර්ශන දුර්වල මට්ටමක පවතින බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්...
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තමා හෙළි කළ තොරතුරුවලට අදාල සිදුකරන විමර්ශන දුර්වල මට්ටමක පවතින බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පවසයි.
අදාල විමර්ශනවල තොරතුරු කිසියම් පුද්ගලයෙකු විසින් මාධ්‍ය වෙත ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.
ඊයේ (25) අම්පාර ප්‍රදේශයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මෙම අදහස් පල කළේය.
ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණ යට ගැසීමේ කුමන්ත්‍රණයක් දියත් වන බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රයකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා එල්ල වන මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසුවේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දී ඇති බවයි.
COMMENTS