කො ළඹ ප‍්‍රධාන හෝටල් 02ක් වන ෂැන්ග‍්‍රිලා සහ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් යන හෝටල්වලට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් මේ වනවිට තොරතු...
කොළඹ ප‍්‍රධාන හෝටල් 02ක් වන ෂැන්ග‍්‍රිලා සහ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් යන හෝටල්වලට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා.
ඒ අනුව වාර්තා වන්නේ මෙම ප‍්‍රහාර එල්ල කර ඇත්තේ සහෝදරයින් දෙදෙනෙකු බවයි. ඔවුන්ගේ පියා කුළුබඩු ව්‍යාපාරිකයෙක්. ඔහු වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා, ඒවා මෙරට ගම්මිරිස් බව හඟවා ප‍්‍රතිඅපනයනය කරන පුද්ගලයෙකු බවට ද තොරතුරු පවතිනවා. ඔහු කරුංකා ව්‍යාපාරයට ද සම්බන්ධ බවටයි තොරතුරු පවතින්නේ.
මෙම ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත‍්‍රයා බෝම්බය පුපුරවා ගෙන ඇත්තේ ෂැන්ගි‍්‍රලා හෝටලයේයි. බාල පුත‍්‍රයා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී බෝම්බය පුපුරවා ගෙන තිබුණා.
දෙමටගොඩ මහල් නිවාසයක් ආශී‍්‍රතව ආරක්ෂක අංශ විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබියදී නිවෙස් ඉහළ මාලයක පිපිරවීමක් සිදු කර ගෙන ඇත්තේ මෙම ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත‍්‍රයාගේ බිරිඳයි.
ඇය ගර්භණී තත්ත්වයේ පසුවූ බවද, ඇගේ තවත් දරුවන් දෙදෙනෙකු ද පිපිරවීමෙන් මිය ගොස් ඇතැයි ද වාර්තා වනවා.
දෙමටගොඩ මහල් නිවාසයක සිදුවූ ප‍්‍රශ්ණගත පිපිරීමෙන් පොලිස් නිලධාරීන් 03දෙනෛකුද මියගිය බවයි මීට පෙර වාර්තා කෙරුණේ. ඔවුන් මියගොස් ඇත්තේ පිපිරීමෙන් කඩා වැටුණු බිත්තියකට යටවී බව දැන් තහවුරු වී තිබෙනවා.
හේමන්ත කහවලගේ

COMMENTS