කොළඹ සහ මඩකලපුවේදී කතෝලික ස්ථාන වෙතට එල්ල වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් උතුරේ පිහිටි සියලුම කතෝලික දේවස්ථාන වෙතට පොලීසිය හා යුද හමුදාවෙන් ආරක්ෂ...
අදාල කතෝලික ස්ථානයන්හි බෝම්බ පිපිරීමත් සමග උතුරේ පිහිටි සියලු කතෝලික් දේවස්ථාන වෙතට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව විසින් ඊයේ (21) සහ අද (22) දිනයන්හි ආරක්ෂාව සැපයීමට පියවර ගෙන තිබුණි.
එමෙන්ම උතුරු පලාතේ පිහිටි අවුරුදු උත්සව සංගීත ප්‍රසංග ඇතුලු ජනතාව රැස්වන සියලුම උත්සව අවස්ථාවන් ඊයේ දින සිට අවලංගු කිරීමටද ප්‍රදේශ භාර පොලිස් ස්ථාන විසින් පියවර ගෙන තිබුණි.
මේ අතර උතුරු පලාත පුරා විශේෂ ආරක්ෂිත වැඩපිළිවලක් දියත් කිරීමටද පොලීසිය ඇතුලු ත්‍රිවිද හමුදාව විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS