සුනාමි ඛේදවාචකය සිදුවී අදට (26) වසර 14ක් සපිරෙයි. ඉන් මියගිය පුද්ගලයින් සිහිකර අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාව...
සුනාමි ඛේදවාචකය සිදුවී අදට (26) වසර 14ක් සපිරෙයි.
ඉන් මියගිය පුද්ගලයින් සිහිකර අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන්නැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේම අදට යෙදී ඇති ජාතික ආපදා සුරක්ෂිත දිනයට සමගාමීව සියලූ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ සර්වආගමික වැඩසටහන්ද සංවිධාන කර තිබේ.\
මීට වසර 14කට පෙර අද වැනි දිනක මුළු රටම එකම මළගෙයක් බවට පත් කළ ඒ රුදුරු සුනාමි ව්‍යසනයේ අමිහිරි මතකය අද වන විට බොහෝ දෙනකුගේ සිත් තුළින් පහව යමින් තිබේ.
2004 වසරේ දෙසැම්බර් මස 26 වැනි දින කිසිවකුත් නොසිතූ පරිදි සිදු වූ සුනාමි ව්‍යසනය අහිංසක ශ්‍රී ලාංකිකයින් හතළිස් දහසකට ආසන්න පිරිසකට දිවි අහිමි කළේය. තුවාල ලැබූ ගණන විසි දහසකට අධිකය. නිවාස ලක්ෂයක් පමණ මුළුමනින්ම විනාශ විය. කුඩා දරුවන් 979 දෙනකුට සිය දෙමාපියන් අහිමි කළේය.
COMMENTS